දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 98 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන සසුනට අරුණ – වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල හිනිදුම නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද චන්දවිමල නාහිමි සමරු මහා සෑ රාජයාණන් වහන්සේ සසුනට පූජා කිරීම අද (23) සිදුවිය.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී උත්සව සභාව අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රටේ ප්‍රශ්න විසඳන බව කියා බලය ලබාගත් පාලකයන් රටම ඛේදවාචකයකට තල්ලු වී තිබියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බවයි.
තම පක්ෂයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත්, ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය ඇපකැප වන බවත් සඳහන් කළ ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස අඳෝනාවන් නොවන බවයි.










