• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද-බැසිල් ඇතුලු නඩය රට ‌බංකොලොත් කළා කියලා අපි පැවරූ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් රට බංකොලොත් කළ අය පැහැදිලිවම ඔප්පු වෙලා! සක්වල නොනවතින රැල්ලෙන් අගලවත්තේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමරයක් ලබා දෙමින් සජිත් පළමුවරට නඩු තීන්දුව ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ගෝඨා-මහින්ද-බැසිල් ඇතුලු නඩය රට ‌බංකොලොත් කළා කියලා අපි පැවරූ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් රට බංකොලොත් කළ අය පැහැදිලිවම ඔප්පු වෙලා! සක්වල නොනවතින රැල්ලෙන් අගලවත්තේ දරුවන්ට ස්මාර්ට් පන්තිකාමරයක් ලබා දෙමින් සජිත් පළමුවරට නඩු තීන්දුව ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී.බී. ජයසුන්දර සහ ආටිගල යනාදීන් රට බංකොලොත් කිරිමට වගකිව යුතු බවට සමගි ජන බලවේගයේ නිති සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ප්‍රමුඛ නීති කණ්ඩායම සමගි ජන බලවේගය සාමාජිකයන් මුල් කර ගෙන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට තීන්දුව ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් විසින් කියා සිටියේ පෙත්සම ඉදිරිපත් කළ අයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉහත නම් සඳහන් පුද්ගලයන් වගකිව යුතු බව පැවසූ බවත් මෙය අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

රට බංකොලොත් කිරීමට සහ ආර්ථීක වශයෙන් විනාශ කරන්න රාජපක්ෂවරු ඇතුළු පිරිස වගකිව යුතු බවට ගරු අධිකරණය තීන්දු කර ඇති බවත් ඒ අනුව අප රට බංකොලොත් කල පිරිස පැහැදිලිව ඔප්පු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලනඥයන් වූ පමණින් අප රටේ අයිතිකරැවන් නොව තාවකාලික බාරකරුවන් වුවත් රාජපක්ෂවරු යුද ජයග්‍රහණය මූලික කර ගෙන රට සම්පූර්ණයෙන් ලියා ගෙන රට විනාශ කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තීන්දුව තුළ රාජපක්ෂවරු ඇතුළු මෙම පිරිස ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දු කර ඇති බවත් පැවසීය.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 47 වැනි අදියර යටතේ කළුතර අගලවත්ත මිහිදු මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට අද (14) එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපතිගෙන් ක්‍රීඩා ඇමතිට තවත් අනීතික බලපෑමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අන්තර්වාර කමිටුවක් දානවා නම් එය සිදුවිය යුත්තේ කැබිනට් අනුමැතියෙන් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම රටේ නීතියට පටහැනි බවත් අන්තර්වාර කමිටුවක් පත්කිරීමේ බලය ක්‍රීඩා ඇමතිවරයාට ඇති බවත් රටේ නීතියටත් උඩින් ගොස් ජනාධිපති මාධ්‍ය අංශය මෙවැනි ප්‍රකාශ කිරීම නීතිවිරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ක්‍රීඩා ඇමතිවරයාගේ අයිතිය උදුරා ගැනීමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් බවත් ව්‍යාජ ඡන්ද හරහා ගජමිතුරු වාදයක් ඇති කර ක්‍රිකට් නොදන්න පුද්ගලයන් මුදල්වලට සිදු කරනා මේ සූදුවත් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ලබා ගැනීමට හේතු වූ කරුණු සහ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෙවිය යුතුව තිබිය දී මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පුදුමයට කරුණක් බවත් ක්‍රිකට් පරිපාලනය රටට සිදු කර ඇත්තේ ද්‍රෝහිකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂයෙන් ලක්ෂ 6000ක වැඩ ජනතාව වෙනුවෙන්

විපක්ෂයේ සිට සක්වල සහ හුස්ම වැඩසටහන් ව්‍යාපෘති 3ක් හරහා ලක්ෂ 6000ක වැඩ වත්මන් විපක්ෂය බලයක් නොමැතිව සිදු කර ඇති බවත් වත්මන් රජයට මුදල් නැති වුණාට සමගි ජන බලවේගයට රට වෙනුවෙන් මුදල් ලබා ගත හැකි ක්‍රමවේද රාශියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කර විශිෂ්ඨත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සුහුරු රටක් ඇති කරන්න නම් සුහුරු අධ්‍යාපනයක් සුහුරු සිසුවෙක් සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පුරවැසියෙක් ඇති කළ යුතු බවත් සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය ආදිය ඉගැන්විය යුතු බවත් එවිට ලෝක ශ්‍රම වෙළෙඳපොළට ගැලපෙන ශ්‍රමිකයන් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සිංහල පමණයි කියන දේට විරුද්ධව අදහස් දැක්වීම තුළ දේශද්‍රෝහී රාජද්‍රෝහී ලේබල් ඇලෙව්වත් රටේ වෙනසක් කිරීමට නම් හින්දි, චින, ජපන්, ඉංග්‍රීසි ආදි භාෂා ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මුදල් ආයෝජනයෙන් පමණක් මේ රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩගත නොහැකි බවත් ඒ සඳහා තමාට ක්‍රමවේද 3ක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා එම ක්‍රම පැහැදිලි කළේය. ඒ අනුව පළමු ක්‍රමය ලෙස විදේශීය පාසල් 10126ක් සමඟ අප රටේ පාසල් 10126 සම්බන්ධ කිරීම තුළ පාසල් දියුණු කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඇති කල සෙවන සරණ මාපිය ක්‍රමය වැනි ක්‍රමයක් ඒ සදහා උපයෝගී කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ධානපතියන් හා සම්බන්ධ කර ගෙන ඔවුන්ගේ ලාභයෙන් කොටසක් පාසල් වෙත ලබා ගැනීමේ වැඩසටහනක් ඇති කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියල්ල සිදු කරන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් ලබා නොගෙන බව යි.

එසේම ප්‍රාදේශීය ධානපතියන් සම්බන්ධ කර ගෙන සංවර්ධන බාරකාර අරමුදලක් ඇති කර පාසල් පද්ධතිය නඩත්තු කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් අධ්‍යාපනය දියුණු කරන්න ඕනැ තරම් අදහස් සහ අරමුදල් ඇති බවත් ඒ සඳහා රාජ්‍ය බලය ජනතා කැමැත්තෙන් ලැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 47ක් සදහා රුපියල් ලක්ෂ 436ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ක්‍රිකට් ක්‍රීඩකයන් හදිසියේම ලෙඩ කරපු කව්ද මේ දොස්තර ‘වන් ෂොට්’! ක්‍රීඩකයන්ට දීපු ඉන්ජෙක්ෂන් නිසා පාදවල ආබාධ මතුවෙලා! වෘත්තීයමය වෛද්‍යවරයෙක් නොවන බවටත් බරපතළ චෝදනාවක්! හෙළිදරව්ව භයානකයි! I Sri Lanka Latest News

Next Post

සෙමිෆයිනල් වටය අද ඇරඹේ! ෆයිනල් යන්නේ නවසීලන්තයද-ඉන්දියාවද? I Sri Lanka Latest News

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.