අගමැතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්‍යවශ්‍ය ඖෂධ 2ක් සොයා දීමට පියවර ගත්තේය.
ඊට ඒ මොහොතේම ස්තූතිය පළ කිරීමට අගමැතිවරයා පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.
මේ විපක්ෂනායකවරයා එහිදී කළ කතාවය.
ඊයේ දිනයේ මේ සභාවේ කතා කළ රටේ තිබෙන ඖෂධ ප්රශ්නය හා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් තිබෙන බරපතළ ගැටළු ප්‍රශ්න ගැන. මේ වනවිට දැඩිසත්කාර ඒකක වැසී යන තත්ත්වයට පත්ව තිබෙනවා. සාකච්ඡාවට භාජනය වුණා ඖෂධ හිගය සහ සජබයේ සමගි ජන සන්ධානයේ කාර්ය බාරය. මම කැමති අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම සමග ආරම්භ කර තිබෙන ඖෂධ හිගයට රෝහල් උපකරණ හිගයට ලබාදෙන විසදුම්වල ප්‍රගතියක් ඉදිරිපත් කරන්න හා ඉදිරි වැඩසටහන දැනුවත් කරන්න.
ගරු කතානායකතුමනි
හැමෝම දන්නවා අපි කොවිඩ් සමග අපි ආරම්භ කළා ජාතික වැඩසහටන් දෙකක්. එකක් අධ්‍යාපනික වශයෙන් ‘සක්වල‘ වැඩසටහන. සෞඛ්‍ය අංශයෙන් ‘හුස්ම‘ වැඩසටහන. මේ වැඩසටහන් දෙකටම අපට දායකත්වය අනුග්‍රහය ලබාදෙන්නේ සමගි ජන බලවේගයේ සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ දීමනා, වැටුප්, අපි සංවිධායකවරුන්, සම හා දිස්ත්‍රික් සංවිධායකවරුන්, සහයක සංවිධායකවරු, පාක්ෂිකයන්, දෙස් විදෙස් සමගි ජන බලවේගයේ සංවිධාන මේ සියල්ලන්. මේ වැඩසටහන අපි ආරම්භ කරේ 2020 අප්‍රෙල් සිට. ඒක අද වෙනකම් අපි කරගෙන ආවා. ඊයේ දවසේ සාකච්ඡාව තුළ ඖෂධ පිළිබද යෝජනාව ආවා. ඖෂධ විතරක් නොවෙයි ලක්ෂ 370ක රෝහල් උපකරණ ලබාගෙන දෙනවා. ලක්ෂ 1386ක වැඩසටහනේ තවත් දිගුවක් ලෙසට. ඒ වගේම අපි සක්වල වැඩසටහන පාසල් 100කට ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ජීවිත බේරාගන්නා වු මේ ඖෂධ වර්ග දෙක අපිට හැකි ප්‍රමාණයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබද වාද විවාද මැද්දේ මෙම ධනාත්මක පණිවුඩය රජයටත් රටටත් මම ප්‍රකාශ කළ යුතුයි.
එමෙන්ම මාධ්‍යවල බොහෝම ප්‍රචලිතයි දෙපැත්තක් තර්ක විතර්ක කරගන්නවා. ඒවා ක්‍රියාත්මක වෙනකොට එකගතාවයන් ඇතිවන දේවල් බොහෝම තියෙනවා. විනිවිද කරනයේ නාමයෙන් මම යෝජනා කරනවා කමිටු ක්‍රමය මාධ්‍යවලින් රටට පෙන්වන්න. එතනදි රටටත් පේනවා සුපුරුදු අදහස් හුවමාරුව පමණක් නෙවෙයි අවබෝධතාවයෙන් එකගතාවක් ඇතිව දෙගොල්ල දෙපැත්තෙ ඉදලා එක පැත්තකට එන්න ඕනේ කියලා එකක් නෑ. දෙගොල්ල දෙපැත්තෙ ඉදලා වැඩකරන ආකාරය බොහොම ආදර්ශවත්ව පෙන්වන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා කමිටු ක්‍රමයත් කාමරවල කරනවා වෙනුවට පෙන්නන් කියලා.
කතානායකතුමනි මේ බෙහෙත් පිළිබද මම උපදෙස් ගන්නේ වෛද්‍යවරුන්ගෙන්. ඔබතුමාට කියන්න ඕනේ හයිඩ්රොක්සික්ලෝරෆීන් ගැන කතා කළත් ප්ලැකනිල් ගැන කතා කරන වෙලාවෙත් එන්නත් ගැන කතා කරන වෙලාවෙත් ඒ මේ රටේ ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉදලා කතා කරන්නේ. මම සදහන් කරන්නම් ඩොක්ටර් හම්ඩානි තමා මේක කෝඩිනේට් කරන්නේ. මට ඕන විදියට මම බෙහෙත් ගේන්න යන්නේ නෑ. වෛද්‍ය උපදෙස් මත තමයි මම බෙහෙත් ගෙන්නන්නේ. එතුමා තමයි මට දුන්නේ මේ නම් දෙක ස්ට්රෙප්ටුකයිනේස් එතුමා මම හිතන්නෙ විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරලා ඖෂධ සංස්ථාවේ සභාපති සමග කතාකරලා තමයි මට කීවේ. ඒ වගේම ග්ලයිසරිල් ට්රයිනයිට්රේල් GTM ඔන්න ඔය ඖෂධ දෙක ටැබ්ලට් එකක්. අනික් එක එන්නතක්. අපි ඒ දෙකට පූර්ණ දායකත්වයක් ලබාදෙනවා. විකෘති කරන්න එපා. මේවා මේ අපිට ඕන බෙහෙත් නෙවේ. එදා වගේම අපි අද දවසෙත් වෛද්‍ය උපදෙස් මත තමයි බෙහෙත් ගෙන්නන්නේ.










