අධිරාජ්‍යවාදීන්ට යටත් වූ රටවල් අද වන්දි ලබා ගන්න හදනවා. අපිත් උත්සාහයක් ගමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයිSri Lanka Latest News
ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයන් ලෙස පැවැති රටවල් මේ වන විට විවිධ උත්සාහ හරහා ඒ අධිරාජ්‍යවාදීන්ට යටත් වු කාලයේ එම රටවලට සිදු වූ ආර්ථික හානියට වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවත් අධිරාජ්‍යවාදී සමයේ දී එකී රටවලට සිදුවූ ආර්ථික, සම්පත් හානිය සම්පත් සූරාකෑම හා මංකොල්ලකෑම ගැන වන්දි ලබා ගැනීමට ජාත්‍යන්තර උත්සාහ දරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප්‍රිකාවේ සමහර රටවල් මේ දරන උත්සාහයට දරන උත්සාහයක් අප රටේද ක්‍රියාත්ක කරන ලෙසත් ඉන්දියාවේ ශෂී තරුර් නම් කොංග්‍රස් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ද මේ සම්බන්ධයෙන් දේශනයක් පවා පවත්වා ඇති නිසා අප රටද යටත්විජිත කාලයේ අප රටට සිදු වූ විශේෂිත අපරාධ කේන්ද්‍ර කර ගෙන වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශ විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේදී යෝජනා කළේය.










