සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙලක් තුලින් රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ලෝකය සමග ප්‍රශස්ත ලෙස ගනුදෙනු කළ යුතු බවද පැවසීය.
ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයකට රාජතාන්ත්‍රික මට්ටමින් රටවල් ආධාර කොට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා , සමගි ජන බලවේගය එය වෙනස් කළ බවද පැවසීය.
අනාගත රට ගොඩනැගීම වෙනුවෙන් ක්‍රමවත් විධිමත් සැලැස්මක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා දූෂණයෙන් වංචාවෙන් සහ අල්ලසෙන් පිරුණු වර්තමාන ආණ්ඩුවට මේ රට ගොඩනැඟිය නොහැකි බව සහතික යැයිද පැවසීය.
මේ රටේ මහජන මුදල් කොල්ල කන ලද ඩොලර් සංචිත ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා දිනා ගැනීම වහාම කළ යුතු යැයි ද පැවසීය.










