ඊයේ දිනයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් සභානායකවරයාට අදහස් පැහැදිලි කරන්න කතානායකවරයා අවස්ථාව ලබා දුන්නත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රෝහන බණ්ඩාර මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති මොහොතක එය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා නොදෙන බවත් රෝහන බණ්ඩාර මහතාගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් තර්ජන තක්සේරු වාර්තාවක් රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාත විසින් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ වාර්තාව අනුව රෝහන බණ්ඩාර මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් යෙදවීම සුදුසු බව තහවුරු කර ඇති මොහොතක මේ ලිපියම ඒ සදහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය බව ප්‍රකාශ කරන බවත් ජගත් විතාන මන්ත්‍රීවරයාට පවා මෙවැනි තක්සේරු වාර්තාවක් හරහා ආරක්ෂාව ලබා දුන් නිසා රෝහන බණ්ඩාර මහතාට ද ආරක්ෂාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.








