• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම කරපු කතාවකට ක්‍රිකට් ආයතනය දාපු ‌නිවේදනයකින් මගේ වරප්‍රසාද කඩවෙලා! ක්‍රිකට් ආයතනය දේශද්‍රෝහී විදිහට රට පාවාදීලා! ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා! සජිත් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරයි! VIDEO I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ‘සමගි ජන බලවේගයේ නායකත්වය අනාවබෝධයෙන් සාවද්‍ය ලෙස අර්ථකථන කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැනි ජාත්‍යන්තර ආයතන හා සම්බන්ධ ආයතන ක්‍රියාකරනා ආකාරය සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු පූර්ණ වශයෙන් නොදැන සිටින්නන් කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සානුකම්පිත වන බවත් එවැනි විවේචනයක් සිදු කරන කිසියම් පුද්ගලයකු වේ නම් එවැනි විවේචන සිදු කිරීමට පෙර අදාළ කරුණු කෙරෙහි බුද්ධිමත්ව සලකා බලන ලෙස’ ඉල්ලා ඇති බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

එබැවින් මෙවැනි ලිපි යොමු කිරීම තමාගේ වරප්‍රසාද කඩ කිරිමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට වගකීමෙන් මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නොවැම්බර් 6,7 සහ 9 යන දින තුළ මෙරට ක්‍රිකට් පරිපාලනය අයි. සී. සී හි සභාපතිවරයාට යොමු කර ඇති ලිපි සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ ලිපි තුළ බරපතල කරුණු කාරණා රැසක් ඇති බවත් එක ලිපියක මේ අන්තර්වාර කමිටුව පත් කිරිම වැරදි ක්‍රියාවක් ලෙස සඳහන් වුවත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 විධිවිධන අනුව ක්‍රීඩා ඇමතිවරයාට ඒ බලතල ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය මෙය වුවත් ක්‍රිකට් පරිපාලනය විසින් එවැනි නීතියක් නැති ආකාරයට ලිපි යැවීම සිදු කල හැකි ද කියා ගැටලු සහගත බව යි.

ක්‍රිකට් ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කළා

ව්‍යවස්ථාදායකයට විධායකයට වඩා ඉහළ නීතියක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නොමැති බවත් 96 ලෝක කුසලානය දිනන විට පවා අපට තිබුණේ අන්තර්වාර කමිටුවක් බවත් එහි සභාපතිවරයා ආනා පුංචිහේවා මැතිතුමා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ කතා කරන මොහොතේ පවා පාකිස්ථානයේ සහ දකුණු අප්‍රිකාවේ අන්තර්වාර කමිටුවක් ඇති බවත් එබැවින් පාකිස්ථානයට සහ දකුණු අප්‍රිකාවට එක නීතියක් සහ ලංකාවට එක නිතියක් තිබිය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ විධායක මණ්ඩලය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කර ඇති බව යි.

ජාත්‍යන්තර ආයතනයට බොරු කියා උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හි දූෂණ වංචා සහ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සදහන් විගණන වාර්තාව, චිත්‍රසිරි වාර්තාව සහ, කුසලා සරෝජනී වාර්තාවට පවා වාරණ නියෝග දමා ඇති බවත් මෙසේ හැමෝටම උඩින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදිසි හස්තයක් ඇති බවට සැකයක් පවතින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් අතුරු කමිටුවක් පත් කළහොත් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවිමට සිදුවන බවට ක්‍රීඩා ඇමතිවරයාට අනතුරු අගවන ලෙස අයි සී සී එකෙන් ඉල්ලා ඇති බවත් එසේම අන්තර්වාර කමිටුවක් ගෙන ආවොත් 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගය වෙනත් රටකට ගෙන යාම, 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව වෙනත් රටකට ගෙන යාම, 2026 පෙබරවාරියේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලානය වෙනත් රටකට ගෙන යාම සහ 2027 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත කාන්තා 20-20 තරගය ශ්‍රී ලංකාවේ පවත්වන් නැතිව වෙන රටකට ගෙන යන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් මේවා රටට ද්‍රෝහි වීමක් සහ රට පාවාදීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ පැවැති විවාදය සියලු පක්ෂ නායකයන් එකට එකතු වී ගනු ලැබූ තීන්දුවක් අනුව පැවැත්වූ බවත් එහි දි ඒකමතිකව යෝජනාවක් සම්මත වූ බවත් ක්‍රිකට් පරිපාලනය මෙවැනි ලිපි යොමු කිරිම හරහා පාර්ලිමේන්තුවේ සෛරීත්වය පවා උල්ලංඝනය කර ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවා උල්ලංඝනය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට බේරගන්න එනවා වගේ මේක දේශපාලන නාඩගමක්

මේ සියල්ල දේශපාලන නාඩගමක් බවත් ඉදිරියේ දි ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගැනීමට රට බේරා ගැනීමට පැමිණියා සේ එක එක දේශපාලඥයෝ ඉදිරියට පැමිනිය හැකි බවත් ලක්ෂ 220ක් ජනතාව ගොනාට ඇන්දවීමට සූදානම් වී ඇති බවත් එම නිසා මේ බොරැවට තවදුරටත් නොරැවටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ක්‍රිකට් අර්බූදය හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්! සජබයෙන් ප්‍රධාන කොන්දේසි 2ක්! ඉටු කළේ නැත්නම් මෙන්න කරන්න යන දේ! Sri Lanka Latest News

Next Post

ඉල්ලා අස්වෙනවා කිව්වා! ජනාධිපති අස්වෙන්න කියලා කිව්වා! විපක්ෂයට එනවා කිව්වා! ජනාධිපති අපේක්ෂක වෙනවා කිව්වා! රොෂාන්ට එරෙහිව දිගට හරහට මඩ මාධ්‍ය මෙහෙයුමක්! I Sri Lanka Latest News‍

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.