රජය ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1 වැනි දා සිට 18%ක වැට් බද්දක් පනවා ඇති බවත් මෙය කුමන ආකාරයට රටට ඉදිරිපත් කළත් එය ගැසට් කර ඇති බවත් මේ නිසා ක්ලවුඩ් පරිගණක සේවා, වෙබ් පාදක යෙදවුම්, ඊ වානිජ සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය, අන්තර්ගත නිර්මාණය ආදී සමස්ත ක්ෂේත්‍රයටම මෙම බද්ද පැනවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ ක්ෂේත්‍රය තුළ ලක්ෂ ගණනාවක් රැකියා කරන බවත් තරුණ පරපුර ආදී විවිධ කණ්ඩායම් මේ ව්‍යාපාරයේ නිරත වන බවත් මේ තරුණ පරපුර මැදි ආදායම් පරපුරට ජීවනෝපායට පහර ගැසීමක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ වැට් බදු ගහන්නේ අයි එම් එෆ් කොන්දේසිය නිසා බවත් රජය මෙය සගවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වත් එය වෙනස් නොකර මේ බදු ගහන බවත් එම නිසා කරුණාකර ඩිජිටල් ක්ෂේත්‍රය ජීවනෝපාය කර ගෙන ක්‍රියාත්මක වන මැද පන්තිය තරුණයන්ට ව්‍යවසායකයන්ට බදු නොගහන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










