රජයට වැට් එක වැඩි කරනවා වෙනුවට වෙන විසඳුම් ඇති බවත් ඒ යටතේ බදු පරිපාලනය ශක්තිමත් කර බදු දැල පුලුල් කිරිමත් බදු සහන වලින් ප්‍රතිලාභ ලැබුවාද යන්න සොයා බැලිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් කොටි ප්‍රකෝටි ගණන ගත් ණය අයකර නොගෙන ඒවා බොල් ණය වී ඇති මොහොතක පරාටේ නීතිය හරහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි වන බවත් මේ තත්ත්වය පාලනය කිරිමට නම් රටෙන් හොරා කන ලද දේපල, සම්පත් සහ මුදල් නැවත වරක් රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැට් පනත සංශෝධනය මන්දපෝෂණ සංශෝදනයක් ලෙස හැදින්විය හැකි බවත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට, පෝෂණ අංශයට, දේශීය කර්මාන්තවලට, ධාන්‍ය ආහාර වර්ග දේශීය කිරි නිෂ්පාදන කෘෂිකාර්මික උපකරණ, ධීවර උපකරණවලට ආදියේ වැට් බදු වැඩි කර ඇති බවත් මෘදුකාංග නිර්මාණකරුවන්ට පවා වැට් බදු වැඩි කර ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා ප්‍රශ්න සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තුළින් ප්‍රතිගාමී බද්ද වැඩි වන බවත් සැබවින්ම වැඩි විය යුත්තේ ප්‍රගතිශීලී බදු වුවත් ඒ පැත්තෙන් ද බදු වැඩිපුර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. හරියාකාර බදු සූත්‍රයක් තුළ නියමිත රාජ්‍ය ආදායම ලබා ගත යුතු වුවත් එය සිදු නොවන බවත් අයි. එම්. එෆ්. එකේ දෙවැනි වාරිකය අඩු වුයේ ද හරි ක්‍රමයක් නොමැති නිසා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ බදු දැල හරියාකාරව ක්‍රියාත්මක කර බදු සහන ලබා දීම ගැන නැවත සොයා බල ඒ තුළින් අහිමි වූ රාජ්‍ය ආදායම නැවත ලබා ගත යුතු බවත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ රට බංකොලොත් කළ කණ්ඩායමෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන් ලක්ෂ 220ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති මොහොතේ පාර්ලිමේන්තුවක් ලෙස තීන්දුවක් ගෙන විධායකය හා එක්ව එම සම්පත් නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










