නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනීසිටින බවත්, මේ රටේ දුවා දරුවන්ට ඉගෙන ගැනීම උදෙසා ඇති අවස්ථාවන් අහිමි කිරීමට එරෙහිව සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය.
මෙරට කාන්තාවන් මෙන්ම දුවා දරුවන්ද සුරක්ෂිත කිරීමත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටෙක පසුබට නොවිය යුතු බවද ඒ මහතා පැවසීය.
“ජනපීඩක ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට” විරෝධය පා සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අද (23) උතුරු කොළඹ ඉගුරු කඩේ හන්දියේ සිට අලුත්කඩේ හංදිය දක්වා පැවැත්විණි.
පූජ්‍යපාද මතුරට ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවට වැඩමකොට සිටි අතර විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
















