වාර්තා වූ ආකාරයට ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් පරිශ්‍රයේ වෛද්‍යවරියක් බරපතල හිංසනයට ලක්ව ඇති බවත් ඊයේ දිනයේ රාජකාරී කරන අතරතුර මේ හිංසනය සිදුව ඇති බවත් එහි දී ඇය එම කාර්යාලයට යාමේ දී බාහිර පුද්ගලයෙක් පිහියක් පෙන්වා ගැටගසා බරපතල ලිංගික හිංසනයට ලක් කර ඇති බවත් මෙවැනි දෙයක් අප රටේ රෝහල් පද්ධතියේ මීට පෙර සිදුව නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ලංකාවේ ඇති විශාලම රෝහලක් වන අනුරාධපුර රෝහලේ දී මෙම සිදුවීමට ඇය මුහුණ දෙන්නේ රාජකාරිය කරන අතර බවත් ඇය රාජකාරියේ සිටියදී මෙවැනි දෙයක් සිදුවීම බරපතල ගැටලුවක් බවත් මෙහි දී වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව ගැන බරපතල ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනුරාධපුර රෝහල තරම්වත් ආරක්ෂාවක් නැති රෝහල් සිය ගණනක් ඇති බවත් මින් වෛද්‍යවරියන් කම්පනයකට භීතියකට ලක්ව ඇති බවත් පසුගිය කාලයේ වෛද්‍යවරුන්ට එරෙහිව උසගැන්වීම්වලට ප්‍රකෝපකාරී සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවූ බවත් එබැවින් මෙවැනි සිදුවීම් හෙළා දැකිය යුතු බවත් ජාතික ආරක්ෂාව ගැන කතා කරද්දි විහිලු කිරීම තුළ රාජ්‍ය සේවයේ නිරත වී සිටින නිලධාරිනියන් පවා අපහසුතාවට පත්වන බවත් සැබවින්ම මෙය ජනතාවගේ ආරක්ෂාව ගැන ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තාවන්ට වෛද්‍යවරියන්ට වෘත්තීය ක්ෂේත්‍රයේ හා රැකියාවල නිරත කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන කාන්තා දිනයේ කතා කර උත්සව පවා පැවැත්වුවත් අවසානයේ මෙවැනි සිදුවීම් නිසා කාන්තාව අසරණ වී ඇති බවත් දියණියක් ඇති පියකු ලෙස මේ සිදුවීම් ගැන බරපතල හැගීමක් ඇති බවත් මේ සිදුවීමට අදාළව දැඩි පියවර ගත යුතු බවත් මෙවැනි මිලේච්ඡ තිරිසන් ක්‍රියා කරන අයට දැඩි දඩුවම් පැමිණවීමට අවශ්‍ය නීති සම්පාදනයට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










