• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතුරුදන් වූ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ගැන සජිත් මුලින්ම ප්‍රශ්නය ඇදලා ගනී! අදත් ආණ්ඩුවට ප්‍රශ්න වැළක්! අස්වැසුමේත් සල්ලි දෙපාරක් ගෙවලා? VIDEO I Sri Lanka Latest News

May 5, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය විසින් සිදු කරනු ලැබූ ණය පියවීමක් අදාළ ණයකරු වෙත නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු නිසා මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ඔස්ට්‍රේලියාවට ණය ගෙවීමේ දී අතුරුදන් වූ ඇ.ඩොලර් මිලියන 2.5 මුදල ගැන ප්‍රශ්න කරමිනි.

දේශීය හා විදේශීය රාජ්‍ය ණය කළමනාකරණයට අදාළ දැනට පවත්නා නීති හා එම නීති බලාත්මක කිරීමට වගකීම ඇති ආයතන ඉදිරිපත් කරන ලෙසත් 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මත වූ දින සිට අද දක්වා ණය ගෙවීම් කළමනාකරණ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ආයතන අතර වෙනස් වූ ආකාරය දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සඳහා වගකිවයුතු නිලධාරීන් කවුද?

රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වාර්තා කළ පරිදි ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීම් 10ක් තුළ අහිමි වී ඇති බවත් දැනට සනාථ කර ගත් තොරගුරු අනුව එම එක් එක් ගෙවීම් සිදු කර දිනයන් ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි ණය ගෙවීම් සිදුකිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ පියවර ඉදිරිපත් කරන ලෙසත් ඒ පියවරයන් හි වගකිවයුතු ආයතන හා නිලධාරීන් ඉදිරිපත් කරන ලෙසත් මෙම වැරදි ගෙවීම් සදහා වගකිවයුතු යැයි දැනට හදුනාගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට අමතරව තවත් මුදල් ගණුදෙනු රැසක ප්‍රශ්න තිබෙනවා නේද?

මේ ඩොලර් මිලියන 2.5 අහිමි වීමත් සමඟ ඇමරිකානු තැපැලට ගෙවූ ඇ. ඩොලර් ලක්ෂ 6ක ගැටලුවක් සේම අස්වැසුමේද දෙවරක් ගෙවීම් සිදුව ඇති බවට වාර්තා වන නිසා මේ ගැන සත්‍ය ඉදිරිපත් කරන ලෙසත ප්‍රංශ රජයෙන් ලබා ගත් ණය මුදලකට අදාළ ණය පත්‍රිකා පවා අතුරුදන් වී ඇති බවට වාර්තා වන නිසා මේ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

ජනවාරියේ අනාවරණය වූ මේ සිදුවීම පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ ඇයි?

මෙම සිදුවීම අනාවරණය වූ දිනය, එදින සිට මුදල් රෙගුලාසි 103 සිට 109 දක්වා හා 156ට අනුව වෙන් වෙන් වශයෙන් ගත් ක්‍රියාමාර්ග දින වකවානු සහිතව ඉදිරිපත් කරන ලෙසත් එහි වාර්තා සභාගත කරන ලෙසත් අද දක්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීම රජය මගහැරියේ කුමන හේතු නිසා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ජනවාරි මස සිදුවූ මේ සිදුවීම් ට අදාළව රජය මේ වන තෙක් පාර්ලිමේන්තුවට වාර්තා නොකළ නිසා විවිධ සිවිල් ක්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඇයි අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න ප්‍රමාද වූයේ?

2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත අනුව මුදල් අමාත්‍යාංශය ගත් පියවර ඉදිරිපත් කරන ලෙසත් ඔස්ට්‍රේලියානු ආයතනයේ නිල ඊමේල් ලිපිනයට සමාන ඊමේල් ලිපිනයකින් ලැබුණු උපදෙස් මත ගෙවීම් විස්තර වෙනස් කළේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙහි දී සත්‍යාපනයක් සිදුව ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව විශාල මුදලකට අදාල ගෙවීම් විස්තර වෙනස් කරනවා නම් ස්වාධීන ක්‍රමයක් හරහා තහවුරු කර ගත යුතු බවත් අදියර 14ක් තිබියදී පවා මෙය සිදුවූ ආකාරය ගැන ඉදිරිපත් කළ යුතු බවත් මෙය හෙළිදරව් වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා මේ ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ණය පැහැර හැරීමෙන් මිදීමට රජය ගත් ක්‍රියාමාර්ග කවරේද?

මේ සම්බන්ධයෙන් පැමිණි කළ දිනය, පැමිණි අංකය සහ පැමිණිල්ල ඉදිරිපත් කළ අය කවුද කියා ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වන ආකාරයට මිය ගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතා මේ පැමිණිලි ඉදිරිපත් කළා කියන කතාද ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් දැනට ගෙන ඇති නිතිමය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මෙම මුදල් අස්ථානගතවීමත් සමග අයිඑම්එෆ් ගිවිසුම ප්‍රකාරව තාක්ෂණික ණය පැහැර හැරීමක් සිදුකර ඇත්නම් ඉන් මිදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරුවල සිටියදී පරීක්ෂණ ස්වාධීනව සිදු කරන්නේ කෙසේද?

ඉතිහාසයේ බරපතලම වගකීම් විරහිත මෙම ගණුදෙනුවට අදාළ කාර්ය අධීක්ෂණය හා කළමනාකරණ කරනු ලැබූ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් රාජ්‍යකාරි පැහැර ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා වගකිවයුතු නිලධාරීන් තවදුරටත් තනතුරේ රදවා ගෙන සාධාරණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ලොකු කචල් එකක්! විපක්ෂය නැගී සිටියි! භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම ගැන හදිසි විවාදයක් ඉල්ලයි! ආණ්ඩුව හවස පැය එකහමාරක් දෙයි! විපක්ෂයෙන් දැඩි විරෝධයක්! උණුසුම් වචන හුවමාරුවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මුළු විපක්ෂයම පාර්ලිමේන්තුවේදී එකමුතු වෙයි! මැයි 25 ගැන කියමින් අනුර මැයි රැලියේ කළ කතාවට එරෙහිව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.