වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු පත්‍රය කෑලි කෑලිවලට ඉරා දැමූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් රට පාලනය කරන බවත් 2022 අප මුහුණ දුන් ජාතික ඛේදවාචකය වූ රට බංකොලොත් විම ගැන කවුරුත් නොසිතූ බවත් එදා පාලකයන් නිර්මාණය කළ සුන්දර ලෝකයේ රටේ බහුතරයක් පාවෙමින් සිටි බවත් එසේම 2028 රට මුහුණ දෙන අමාරුම කාලය එළැඹෙන බවත් එනම් ණය ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් රටට තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කැලණිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
ණය ගෙවිමට අදාළ මුදල් ලැබෙන්නේ රජයට ආදායම් ලැබීමෙන් හා නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමෙන් බවත් පසුගිය කාලයේ සමගි ජන බලවේගය පුන පුනා කියා සිටියේ මේ රට ගොඩගන්න අයිඑම්එෆ් එකත් එක්ක එකට වැඩ කරනවා සේම එහි දී කරන්න බැරි දේවල්වලට ගිවිසුම් ගත වීමෙන් වැළකිය යුතු බවත් එම නිසා පවතින අයිඑම්එෆ් ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට අමාරුවේ දමා බලය ගන්න ඕනි නෑ
කිසිම දවසක අපේ රට අමාරුවේ දමා ජන ජීවිත කඩා වට්ටා ඉහළ තනතුරුවලට යන්න තමා සූදානම් නොවන නමුත් අසාමාන්‍ය ලෙස අමාරු ඉලක්ක සදහා ගිවිසුම්ගත වීම නිසා අප රටක් ලෙස විශාල අමාරුවකට ලක්ව ඇති බවත් එම නිසි මෙම ගිවිසුම් සංශෝධනය කර ජනතාවගේ හිසමත කරපිට පටවන බර ලිහිල් කළ යුතු බවත් ඒ අපේක්ෂාව පසුගිය ජනාධිපතිවරණයේ දී තමා මෙන්ම මාලිමාවේ අය කිව්වත් එදා බලයට පැමිණි මාලිමාවේ අය කිසිදු වෙනසකින් තොරව පැරණි අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන බව පවසා ජනතාවගේ බලාපොරොත්තු කඩා විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නිල ඇදුමින් පවා මාලිමා රැස්වීම්වලට පැමිණ හෙදියන් අද මහපාරේ
ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ රාජ්‍ය සේවක වැටුප ගැන කියූ කතාව දෙස බලන විට කිසිදු අභිමානයක් නොමැති බවත් අද වන විට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම ගැන චක්‍ර ලේඛ නිකුත්වනතුරු වැඩිවන වැටුප ගැන සිතාගත නොහැකි බවත් එදා මාලිමාවේ රැස්වීමට හෙද නිල ඇදුමින් සහභාගී වූ හෙද හෙදියන් අද කෑම පැයේ උද්ඝෝෂණයක නිරත වූ බවත් නිල ඇදුමින්ම ගොස් සහයෝගය පළ කළේ උද්ඝෝෂණය කරන්න නොවන බවත් මේ ගැටලු හෙද ක්ෂේත්රයේ පමණක් නොව මුළු රාජ්‍ය ක්ෂේත්රයේ ද බරපතල ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මාස 6 වැටුප් වැඩිවීම හීනයක්
මාස 6න් 6ට 20000කින් වැටුප් වැඩි කරනවා කියූ ජනතා විමුක්ති පෙරමුණ ඒ දේ නොකර මේ මොහොතේ පවා ජනතාව අන්දවමින් සිටින බවත් අප රටක් ලෙස බරපතල කොන්දේසි 2කට අත්සන් කර ඇති බවත් එනම් ප්‍රාථමික ශ්‍රේෂය ධන 2.3කට සීමා කරන්න සහ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13ක් බවට පවත්වා ගෙන යන්න ගිවිසුම් ගත වී ඇති බවත් සරලව කියනවා නම් රජයට ජනතාව වෙනුවෙන් වැය කළ හැකි මුදල බරපතල ලෙස සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ආණ්ඩුව විහින්ම තමන් විසින්ම තමන්ගේ ප්‍රතිපත්ති කෑලි කෑවලට ඉරා දමා හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යන්න තීරණය කිරීම තුළ බොරු කියන පොරොන්දු කඩකරන රජයක් බවට මේ රජය පත්ව ඇති බවත් උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න බැරිව ලත වෙන බවත් මේ සියල්ල අප රටට අවාසිදායක ගිවිසුම් බවත් මේ නිසා වැඩිම හානිය වෙන්නේ සාමාන්‍ය ජනතාවට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.



















