ස්වර්ණවාහිනියේ හා සිරසේ මාධ්‍යෙව්දීන් දෙපළට සිදුවූ අකරතැබ්බය මම හෙළිදරව් කළා. මම කැමති ඔබතුමාගේ ප්‍රකාශය අනුකූලව කරුණු කිහිපයක් කියන්න.
ඔබේ ප්‍රකාශය කීවා වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතර පමණක් ඔය වොයිස් කට්ස් ගන්න එක කරන්න කියලා. ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාත් දන්න කාරණාවක් තමයි කෝප් එක පවත්වන කෝපා එක පවත්වන ඒවගේම අනෙකුත් කමිටු පවත්වන අනෙකුත් කාමර දක්වා මෙතෙක් කල් මේ සියලුම මාධ්‍යෙව්දීන් ආවා. මම දන්නෙ නෑ ඉරක්ද කියලා. මේකයි ඇත්ත. අපි සියලු දෙනාම පාහේ අවංකවම කීවොත් මේ හැම කාමරයක් ළගටම ආපු මාධ්‍යෙව්දී මහතුන්ට මොන ෆෝන් එකෙන් වුණත්, කැමරාවෙන් වුණත් අපි වොයිස්කට්ස් දීලා තියෙනවා.
ඉතින් මම කියන්න කැමති මොන ඇල ඉර යටතේ නියෝග පැනවූවත් මේ දේ සිදුවුණා. මේක සුපුරුදු ක්‍රියාවක්. ඒ නිසා ඔබතුමා වගබලා ගන්න ඕනේ මෙහෙම රෙගුලාසියක් තිබුණ නම් මෙතෙක් ක්‍රියාත්මක නොවුනෙ ඇයි. මාධ්‍ය නිදහස මෙතෙක් තිබ්බා. අපි සියලු දෙනා කමිටු කාමරවලින් එලියට ආපුගමන් මාධ්‍යයට ප්‍රකාශ දීලා තියෙනවා මට වගකීමෙන් කියන්න පුළුවන්. එක අවස්ථාවකදී කමිටු කාමරයකින් එලියට ඇවිත් මම ගාව සාක්ෂි ඇතිව තියෙනවා දේශීය නෙවේ විදේශීය අල් ජසීරා නාලිකාවටත් මම ප්‍රකාශයක් දුන්නා. දුන්න තැනත් මම කියන්නම්. මේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනය තුළ මන්ත්‍රිවරුන්ට වරප්‍රසාද තියෙනවා. ඒත් නිදහස් මාධ්‍යවේදීන්ගෙන් ෆෝන් උදුරගන්න කිසිසේත්ම වුවමනාවක් නෑ. අයිතියක් නෑ. ඒකට ඔබතුමා පියවරක් ගන්න. මේක වහන්න එපා. සම්පූර්ණ වැරැදි. ඕනේනම් ඒ මන්ත්‍රි දෙපළට මේ සභාවට ඇවිල්ලා අපේ අතින් අත්වැරැද්දක් වුණා කියලා කණගාටුව පලකරන්න, සමාව ගන්න පුළුවන්. එතනින් කතාව ඉවර කරන්න පුළුවන්. ඒත් මේ ඉරවල්ගැන කතා කරලා හංගන්න හදන්න එපා. මේ සභා ගර්භයට මෙහෙම කීවට සමාවෙන්න මේක මේ සභාව නොමග යැවීමක්.
ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කුමන පාර්ශ්වයක වුණත් මාධ්‍යෙව්දීන්ට අත තියන්න මොනම මන්ත්‍රිවරයකුට හෝ මොන යකාටවත් ජනාධිපතිටවත් අයිතියක් නෑ. අගමැතිට, විපක්ෂනායකට හෝ 225ටම අයිතියකුත් නෑ. නිදහස් මාධ්‍ය සුරකින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා දන්නවද මේ මාධ්‍යෙව්දී තුමන්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒක ඉවත්කරගන්න කියලා ඒ මහත්වරුන්ට කෙතරම් බලපෑම් ඇවිත්ද? කොච්චර තර්ජන ආවද. ඒ නිසා මේක මේ රෙගුලාසි ඉදිරිපත් කරලා හන්ගන්න යන්න එපා. කරුණාකරලා ඒ මන්ත්‍රිවරුන්ට ඇවිත කණගාටුව පල කරන්න කියන්න. එතනින් මේ කතාව ඉවරයක් කරන්න කියන්න.










