බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේග ආසන සංවිධායක ධූරය අප්සාරි සිංහබාහු මහත්මිය වෙත පිරිනැමීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඊට අදාළ ලිපිය ඊයේ (05) දින ලබා දීමට ඒ මහතා කටයුතු කොට තිබේ.
අප්සාරි සිංහබාහු මහත්මිය යනු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිදය.
එමෙන්ම තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී තලයකට රැගෙන ඒමට විශාල කාර්යභාරයක් සිදු කළ අයෙක් ලෙස ප්‍රකටය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරන්නේද තිලකරත්න මහත්මියය.
බටහිර කොළඹ ආසනය සැලකෙන්නේ එජාපයේ සිටි පතාක යෝධයන් තරග කළ ආසනයක් ලෙසය.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් කලක් බටහිර කොළඹ ආසන සංවිධායක ධූරය දැරුවෝ වෙති.
ඔවුන් පළමුව පිළිවෙළින් කැලණිය සහ බියගම ආසන සංවිධායක ධූර දැරුවද පසුව බටහිර කොළඹ ආසන සංවිධායවරුන් ලෙස කටයුතු කර තිබිණ.
මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජබය යටතේ තරග කිරීමටද ඇය මේ වනවිට සූදානමින් සිටී.
පත්වීමට අදාළ ලිපිය!










