අද ආණ්ඩුව රටම පඹ ගාලක පටලවා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රට මේ වනවිට අයාලේ යන බව කී විපක්ෂනායකවරයා ආණ්ඩුව එදා වේල ටුවර්ස් න්‍යායට අනුව රට මෙහෙයවමින් සිටින බව කීය.
ආණ්ඩුව රට ගෙනයන්නේ සිම්බාබ්වේ දෙසට බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා වහාම ආණ්ඩුව බලයෙන් ඉවත් වී රට කරගෙන යාමට හැකි කණ්ඩායමකට රට බාර දිය යුතු බවද කියා සිටියේය.
එම නිසා මෙවර වරද්දා නොගෙන ජනතාව සිය ජන්දය භාවිත කළ යුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
වැලිඔයදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.










