• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට දැන් ගොවියො හිටියත් එකයි නැතත් එකයි! ඔන්න ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය! කිව්වෙ නම් කොහොමද? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 15 වන අදියර අරන් සජිත් උපතිස්සගමට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 20, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුවට දැන් ගොවියො හිටියත් එකයි නැතත් එකයි! ඔන්න ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය! කිව්වෙ නම් කොහොමද? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 15 වන අදියර අරන් සජිත් උපතිස්සගමට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ වට්ටක්කා, බඩඉරිගු විකිණුනේ කුණු කොල්ලයට බවත් වත්මන් ඇමතිවරු විපක්ෂයේ සිටින විට ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙන්න නීති සකස් කරනවා කිව්වත් ඔවුන් බලයට පැමිණි පසු තෙත වි ගත්තේ රු. 90ත් 95ට බවත් මෙවැනි ගැටලු මැද ගොවියාට ප්‍රශ්න නැති බවත් වී කිලෝවක් හදන්න රු.70ත් 75ක් යන බවට ඇමතිවරු කියමින් ගොවියාට ගැටලු නැති බවට පෙන්වීමට උත්සාහ කරන බවත් ඇත්ත කතාව වන්නේ ගොවියා රවටා ජනාධිපති බලය මහමැතිවරණ බලය පළාත් පාලන ආයතන බලය ලබා ගෙන ඇති බවත් මොවුන්ට දැන් ගොවියා සිටියත් නැතත් ගැටලුවක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර උපතිස්ස ගම උපතිස්ස රජමහා විහාරයේ දී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් ජන හමුවක් අමතමිනි. මේ අවස්ථාවට උපතිස්ස රජමහා විහාරාධිපති පුංචි හල්මිල්ලෑවේ පඤ්ඤාරතන හිමියන් මෙන්ම රෝහණ බණ්ඩාර මහතා ද එක් විය.

රජය මෙසේ කළත් ගොවියා සුරක්ෂිත කරන ප්‍රතිපත්තියක් සමගි ජන බලවේගය සතුව ඇති බවත් ආණ්ඩුව බොරු කිව්වා ඇති බවත් ජනතාවද මේ බොරුවට තවත් නොරැවටෙන ලෙසත් බොරුවට මුසාවට මුලාවට රැවටුනා ඇති බවත් නිර්ධන පන්තිය ගැන ගොවි ජනතාව ගැන කතා කළ වත්මන් රජය ගොවියා රජකරවනවා කියා ගොවියාගේ ඡන්දය පිට්පොකට් ගසා ඔවුන් රජ වී ගොවියා අතරමං කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ සමගි ජන බලවේගය එදත් අදත් හෙටත් ඉන්නේ ගොවියා සමග බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනතා ගැටලු හමුවේ නිදා සිටින රජය අවදි කරන්නේ සමගි ජන බලවේගයයි

විපක්ෂයට බලයක් නොමැති යැයි ජනතාවට කියනවා වෙනුවට ජනතාවගේ ගැටලුවලට සවන් දී ඒ්වා අවබෝධ කර ගෙන ඒවට දිය හැකි හොඳම විසදුම් දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනතා ගැටලු හමුවේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නිදා සිටින ඇමතිවරු බලහත්කාරයෙන් ඇහැරවා හෝ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉඩම් ගැටලුව විසඳන්න ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් අවශ්‍යයි

ඉඩම් ගැටලු විසදීමට නම් රටකට ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක් අවශ්‍ය බවත් ගොවිතැන් ඉඩම්, රක්ෂිත ඉඩම්, වනජීවී ඉඩම්, ජනාවාස හා සංවර්ධන ඉඩම්, කර්මාන්ත ඉඩම් ආදී ජාතික සැලසුමක් තිබිය යුතු වුවත් අද එවැනි වැඩපිළිවෙළක් නොමැති බවත් ඒ සැලසුම සකස් කර විද්‍යාත්මක වන අලි සංගණනයක් සිදු කර ඒ දත්ත ජනතාවට ලබා දී වන අලි සඳහා අවශ්‍ය රක්ෂිත වනජිවී භූමි වෙන් කර පාරම්පරික ගොවි බිම් ආරක්ෂා කර ජීවනෝපාය ශක්තිමත් කළ හැකි බවත් මෙහි දී ජනතාව ජීවත් කරවන සටනත් වනජිවීන්ගේ සුරක්ෂිතතා සටනත් මේ තුළින් ජයගත හැකි බවත් එවැනි විසදුම් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ජිවිත හානි වන්දිය ලක්ෂ 10යි.

වගා හානියට ගෙවන වන්දි, දේපල හානි වන්දිවලට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බවත් මිනිස් ජීවිතයක වටිනාකම ලක්ෂ 10ක් බවත් එය ලැජ්ජාවට කරුණක් බවත් මේ අලි මිනිස් ගැටුමට ජාතික විසදුමක් ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් සෑම ඉඩමක්ම පරීක්ෂා කර නිවැරදි විසදුම් දිය යුතු වුවත් මේ රජයට එය කළ නොහැකි බවත් උතුරුමැද පළාත් සභාවේ බලය සමගි ජන බලවේගයට දුන්නහොත් මේ ගැටලුවලට රජයට වඩා විසදුම් දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැන්නට සාධාරණ මිලක් අද නැහැ

වන අලි ගැටලුව මෙන්ම ඉහළ ප්‍රමිතියේ බීජ නොමැති වීම, බීජවල මිල අධික වීම, පොහොර සහනාධාරය නිසි වෙලාවට නොලැබීම, පොහොර සහ කෘෂි රසායන ගුණාත්මක නොවන බවත් මිල පවා වැඩි බවත් වගා කටයුතුවලට හෙක්ටයාරයට රු. 25000ක් සහ එය හෙක්ටයාර 2ට සීමා කර ඇති බවත් මේ මුදලින් නම් පොහොර ගත නොහැකි බවත් මෙවැනි ගැටලු මැද උපකරණවල මිල පවා වැඩි වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් උඩ නෙළන අස්වැන්නට සාධාරණ නිසි මිලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14021ක් කුඩා ගම්මාන 50964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

වැස්ස වැඩියි! ගංවතුරක් එනවා! වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි! මේ පැතිවල අය බලාගෙන! I Sri Lanka Latest News

Next Post

බල්ලන්ටවත් ඔරොත්තු දෙන්නේ නෑ! තංගල්ලේ අයිස් ගහපු බල්ලො දෙන්නෙක් මරුට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.