විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට ඉන්දීය බලධාරීන් විසින් දුරකතන හදිසි දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.
මේ වනවිට ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය මුදල සම්බන්ධයෙන් මෙහිදී ඉන්දීය බලධාරීන් විසින් විපක්ෂනායකවරයාගේ මතය විමසා ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී විපක්ෂනායකවරයා ඉන්දියාවට අවධාරණය කොට ඇත්තේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ගවලට ජනතාව දඩුවම් විදිය යුතු නැති බවත්, මූල්‍ය අර්බූදයෙන් ගොඩ ඒම සදහා ඉන්දියාවේ සහාය ලංකා රජයට ලබා දෙන ලෙසත්ය.
කෙසේවෙතත් රටේ ජනතාවගේ නිදහස, අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු බවද මෙහිදී විපක්ෂනාකවරයා ඉන්දීය රජයට පෙන්වා දී ඇති බව වාර්තා වේ.










