අධ්‍යාපනය විශ්වීය මානව අයිතිවාසිකමක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මඟින් පිළිගෙන ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකමක් ලෙස ද පිළිගෙන ඇති බවත් අප රටේ ද මුලික අයිතිවාසිකමක් නොවුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 6 වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම්වල නිදහස් අධ්‍යාපනය ලබා දීම මූලික යුතුකමක් වූවත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් විය යුතුය යන ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
නව විෂය මාලා ප්‍රතිසංස්කරණ තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය නිසා පාසල් දූදරුවන්ගේ අධ්‍යාපන අයිතියට බරපතල තර්ජනය එල්ල වී ඇති නිසා මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ළමා ප්‍රඥප්තියේ 13, 14, 18, 19 යන වගන්ති මේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නිසා උල්ලංඝනය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් සකස් කර ඇති නිසා එය සභාගත කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතිව තිබෙන ප්‍රශ්නගත තත්ත්වය සහ නව විෂය මාලා ප්‍රතිසංස්කරණයේ මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා දරුවන්ගේ මානව අයිතිවාසකම් හා අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද කියා හදුනා ගෙන ඇත් නම් එය ඉදිරිපත් කළ යුතු බවත් නිසි ක්‍රමවේදයක් අනුගමනය කර පාසල් ළමන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් නිවැරදි ගුණාත්මක හා විද්‍යාත්මක විෂය මාලාවක් හදුන්වා දීමට රජයට ඇති බාධා ඉදිරිපත් කරන ලෙසත් මේ ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට පෙර සිදු කළ විද්‍යාත්මක අධ්‍යයන සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
නව විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ සකස් කරන ලද අධ්‍යාපන මොඩියුල සදහා වෙබ් අඩවිවල නම් ඇතුළත් කළ නිර්නායක හා ඒවා තෝරා ගැනීමට තිබූ නිර්නායක ඉදිරිපත් කරන ලෙසත් මෙවා තෝරා ගැනීමේ දී විනිවිදභාවය හා වගකීම තහවුරු කළ ආකාරයත් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යොදා ගත්තේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් පෞද්ගලික ආයතනයක වෙබ් අඩවියක් යොදා ගන්නේ නම් එහි ආර්ථික ලාභය යන්නේ කාටද කියා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දිවයිනේ සියලුම ගුරුවරුන් පුහුණු කර ඇත්නම් අන්තර්ජාල තොරතුරු තාක්ෂණ උපකරණ සපයා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පුහුණු කර නොමැති ගුරුවරු මෙන්ම අන්තර්ජාල විදුලිය පරිගණක පහසුකම් අප රටේ සියලුම පාසල් සතුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ නොමැති නම් එම පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාවද ඉදිරිපත් කරන ලෙසත් පළමු වාරයට මුදල් වෙන් කර ඇති මුත් දෙවැනි හා තෙවැනි වාරවලට මුදල් වෙන් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










