අද රාත්‍රී 9.30ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇත.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී හෙට පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව ආරක්ෂක අංශ වෙතින් ලැබී ඇති ඇතැම් තොරතුරු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව විශ්ලේෂණය කොට තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.










