සියලු දෙනාම සාමය, සෞභාගය සහෝදරත්වය සංහිදියාව කේන්ද්‍ර වූ සාමූහිකත්වය රජයන ජන සමාජයක් අපේක්ෂා කරන බවත් සෑම අයකුටම ආගමික හා සංස්කෘතික නිදහස පවතින ජාතීන් හා ආගම් අතර මිත්‍රශීලීත්වය සබදතාව ශක්තිමත් වූ ජන සමාජයක් අපට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළොන්නාව උත්සව ශාලාවේ මුස්ලිම් ජනතාවගේ නෝම්බි චාරිත්‍රය අවසන් කරන අවස්ථාව හා එක්වෙමිනි.
ඉස්ලාමීය බැතිමතුන් ආගමානුකූලව නෝම්බි චාරිත්‍රය සමරන මොහොතේ සියලුම දෙනාටම ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා, රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් ඇතුළු පිරිසක් එක්විය.





















