පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඩ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.Sri Lanka Latest News
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙස විපක්ෂය නියෝජනය කරනා සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි.
මේ අවස්ථාව සඳහා අනුරාධා ජයරත්න, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රවී කරුණානායක, ඇතුළු පිරිසක් එක්විය.















