සමගි ජන බලවේගයේ බටහිර කොළඹ ආසන සංවිධායකවරයා ලෙස ජයේන්ද්‍ර දේවපුර මහතා පත් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
මිට පෙර එහි ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන කණිෂ්ක සේනානායකය.
නමුත් කණිෂ්ක සේනානයක පසුගිය දිනෙක ආණ්ඩුවට එක්වී ඇමැති ධූරයක් ගනු ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයේ රාජකාරී කරන බව වාර්තා වීමත් සමග හෙතෙම පක්ෂයෙන් නෙරපා දැමීමට විපක්ෂනායකවරයා පියවර ගත්තේය.
ඒ අනුව තරුණ ව්‍යාපාරික දේශපාලකයකු මෙන්ම කොළඹ ජනතාව සමග දිගු කලක් දේශපාලනය කළ 39 හැවිරිදි ජයේන්ද්‍ර දේවපුර මහතා ඊට පත්කිරීමට විපක්ෂනායකවරයා කටයුතු කොට ඇත.

රෝසිගේ පුත් කණිෂ්ක











