• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ – අනුරගේ ආරක්ෂාව අනතුරේ! පාස්කු ප්‍රහාරය ගැන කල් තියාම රටට හෙළිකරපු දකුණු ආසියාතික කලාපයේ ආරක්ෂාව භාර ලොක්කා අසංග අබේගුණසේකර හෙළිකරයි! Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද අපේ කතාව ඉන්දියාව විසින් අත්අඩංගුවට ගත් බව කියන අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සිවුදෙනාගේ සිදුවීම ගැන. වොෂින්ටනය කේන්ද්‍ර කරගෙන පවතින දකුණු ආසියාතික කලාපයේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන අංශයේ විධායක අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මොහොතකයි මේ ගැන කතාකරන්න අප හා සම්බන්ධ වෙන්නේ. (Sri Lanka Latest News)

එල්ල වෙන චෝදනාව අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සිවු දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්තා කියන කතාව. මේ කතාව හැදෙන්නේ කොහොමද?
ඉස්සෙල්ලාම බලන්න ඕනේ අයි.එස්.අයි.එස්. සංවිධානය අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව බඳවාගන්නේ නැහැ.

ඒක ප්‍රතිපත්තියක්ද?

එහෙම එකක් මම අහලා නෑ. කුඩු ජාවාරම් කරන උදවිය සම්බන්ධ වීම ගැන මට සැකයක් තියෙනවා. අනෙක් කරුණ තමයි ඔවුන්ට වීසා දවස් 3ක් ඇතුළත ඉක්මනට ලබාදීලා තියෙනවා. රටවල් සහයෝගයක් දකින්න තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව. ගුවන් තොටුපළ දෙකක් බයිපාස් කරලා තියෙනවා. ඒක ගැනත් සැකයක් තියෙනවා.

පොට්ට නව්ෆර්ගෙ පුතා එතැන ඉන්නවලු. අපරාධකාරයෝ හතර දෙනෙක්ට කොහොමද එච්චර ඉක්මනට වීසා එකක් ලැබෙන්නේ?

ඒක තමයි මටත් තියෙන ගැටලුව. ඒක ක්ෂණිකව ලබාදීලා තිබෙනවා. එක පාරටම ආයුධ මතුවෙනවා ඉන්දියාවෙන්.

ඔබට තියෙන සැකය මොකක්ද?

අයි.එස්.අයි.එස්. සහ අයිස් ජාවාරම්කරුවන්. මේගොල්ලෝ ඩ්‍රග් ඩීලර්ස්ලා. දෙවැනි කාරණය ඉක්මනට වීසා ලබාදීම. තුන්වැන්න ගුවන් තොටුපළ දෙකක් අතරින් කොහොමද මේගොල්ලේ ගියේ කියන එක. අනිත් එක ඔවුන් අත්අඩංගුවට අරගෙන කෙටි කාලයක් තුළ එක පාරටම ආයුධ මතුවීම. මේ ගැන අනිවාර්යයෙන්ම සැකයක් තියෙනවා.

ඒ සැකය යන්නේ කොතැනටද?

ඉන්දියාවේ ඡන්දයක් තියෙනවනේ. ඉස්සෙල්ලාම ඒක දැනගන්න ඕනේ. ඒ ඡන්දය තියෙන පරිසරය ඇතුළත Hindutva කියන සංවිධානයක් එහෙ විශාල ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අපි වොෂින්ටනයේ ඉඳලා අපේ පර්යේෂණ ආයතනය අධ්‍යයනය කරලා තියෙනවා.Hindutva සංවිධානයෙන් මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර කිරීම වගේ ප්‍රශ්න අපි එකතු කරලා තියෙනවා. ඉන්දියාව වටේ තිබෙන මුස්ලිම් රටවල් ඒ කියන්නේ බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය වැනි රටවල් පිළිබඳ ඉතා දැඩි පිළිකුලක් එම සංවිධානය තුළ තියෙනවා.

මේ කතාව කිව්වේ බී.ජේ.පී. එකේ ප්‍රධානීන් දෙන්නෙක් මරන්න ආවා කියලා මුලින් කිව්වා. විරාට් කෝලි ගැන කියවුණා, අයි.පී.එල්. එක ගැනත් කියැවුණා?

Hindutva සංවිධානය ගැන වඩා වැඩියෙන් කතාකරන්න පටන්ගත්තා. හින්දු රාජ්‍යයක් ගැන ඒගොල්ලෝ කතාකරනවා. දෙවැනි කාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහයෙන් පිට ගිහින් අරවින්ද් කේජ්වාල් අත්අඩංගුවට ගත්තා. තුන්වැනි කාරණය වොෂින්ටන් පෝස්ට් පත්තරේ පළවුණු ඉන්දියානු ඔත්තු සේවය මුදල් දීලා ඇමෙරිකාව ඇතුළේ ඝාතනයක් කරන්න හැදුවා කියලා. ඒ අනුව මෙවැනි දේ කරන්න එපා කියන එක තමයි ඇමෙරිකාව ඉන්දියාවට කිව්වේ.

අයි.එස්.අයි.එස්. හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සහ ඔය සිදුවීම ඔබ සම්බන්ධ කරන්නේ ඇයි?

ඉන්දියාවේ දැන් හැසිරීම නිසා. ඔවුන් ඒක පාකිස්තානයට සම්බන්ධ කරනවනේ. අයිස් ජාවාරම්කාරයෝ අයි.එස්.අයි.එස්. සාමාජිකයෝ වෙනවා වගේ දේවල්. මේ අය අත්අඩංගුවට ගත්තට පස්සේ සිංගප්පූරුවේ මහාචාර්යවරයා රොහාන් ගුණරත්න වීඩියෝ එකකුත් දාලා තියෙනවනේ. අයි.එස්.අයි.එස්. එනවා කියලා.
ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ ලෝකප්‍රකට විද්වතෙක්. ඔබට ඒ අනතුර පේන්නේ නැද්ද? ඔබ රොහාන් ගුණරත්නගේ කතාව හාස්‍යයට ලක්කරන බව පේන්නේ. ඇයි ඒ?

එයාගේ අදහසුයි, මගේ අදහසුයි ගැළපෙන්නේ නැහැ. වවුනතිව් පොලිසියේ නිලධාරීන් ඝාතනය කරපු වෙලාවේ ඒක කළේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියලා එතුමා කිව්වා. ඒ වෙලාවෙත් එතුමා මට දුරකතනයෙන් කතා කරලා ඇහුවා ඔයා කොහොමද එල්.ටී.ටී.ඊ. නෙවෙයි කියන්නේ කියලා. මම ඇහුවා කොහොමද එල්.ටී.ටී.ඊ. කියන්නේ කියලා. දැන් ඒක ඔප්පු වෙලා ඉවරනේ කවුද කළේ කියන එක. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස හම්බවෙලා කිව්වා නැගෙනහිර පළාතෙන් කැලිෆේට් එනවා කියලා. දැන් කොහොද කැලිෆේට් තියෙන්නේ?

2019 පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නෙත් ඡන්දයක් අතරේ. ලංකාවෙත් ඡන්දයක්. 2024 මේ අයි.එස්.අයි.එස්. සාමාජිකයන් හතරදෙනා අහුවෙන්නෙත් ඉන්දියාවේ ඡන්දය අතරේ. ලංකාවේ ඡන්දයට මාස කිහිපයයි. මොකක්ද මේවා අතර තියෙන සම්බන්ධය?

අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා. මේවා පාකිස්තානයෙත් සිදුවෙලා තියෙනවා. දකුණු ආසියාවට පමණක් බෝම්බ සහ ඡන්ද අතර විශාල සම්බන්ධයක් තියෙනවා කියන එක පැහැදිලියි.

ලංකාවේ බෝම්බ පුපුරන එක ඉන්දියාවේ ඡන්දෙට බලපාන්නේ කොහොමද?

ආරක්ෂක තත්ත්වයක්නේ මේක. ඒ අයගේ ජාතික ආරක්ෂාවට මේක ප්‍රශ්නයක් කියලනේ ඔවුන්ව ඇරෙස්ට් කළේ. පාකිස්තානයෙන් මුදල් දුන්න කතාවකුත් තියෙනවනේ. ඒකෙන් පෙන්නුවේ ඒ අයගේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ ඔවුන් විසඳගත්තා කියන එක.

ඔබ කියන්නේ මොවුන් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් හතරදෙනෙක් නොවන බවද?

අනිවාර්යයෙන්ම.
එතකොට මහාචාර්ය රොහාන් ගුණරත්න කියන්නේ කොහොමද අයි.එස්.අයි.එස්. කියලා?

එයා විශ්වාස කරනවා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයොත් අයි.එස්.අයි.එස්. වෙනවා ඇති කියලා. නමුත් මම ඒක විශ්වාස කරන්නේ නෑ කුඩු ජාවාරම්කාරයෝ අයි.එස්.අයි.එස්. වෙනවා කියලා. ඒ වගේම ඒ ගැන සැකයක් තියෙනවා අනිවාර්යයෙන්ම.

පුවත්පතක් වාර්තා කරලා තියෙනවා මාලිගාවත්ත ප්‍රදේශයේදී මේ හතර දෙනා දිවුරුමක් දීලා තියෙනවා. ඒ දිවුරුම සමානයි ගල්කිස්සේ එපාර්ට්මන්ට් එකේදී සහරාන් දුන්නු බයියාත් දිවුරුමට. ඒ වෙලාවේ ගත්තු පින්තූර මේ හතරදෙනාගේ ෆෝන්වල තිබිලා තියෙනවා. රජයේ රසපරීක්ෂක ඒ මාලිගාවත්තේ ලොකේෂන් එකට ගිහින් තියෙනවා. යනකොට පිටිපස්සේ තිබුණු බැනර් එක පුච්චලා දාලා තියෙද්දී හොයාගෙන, ඒක පරීක්ෂණවලට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක පත්තරේ වාර්තා කරන්නේ හේමන්ත රන්දුනු. එතකොට ලංකාවේ ආණ්ඩුවත් මේ ගැන බොරු ගොතනවා කියලද ඔබ කියන්නේ?

පර්යේෂණ ආයතන තියෙනවා. ඒවායෙන් මේ ගැන පර්යේෂණ කරන්න ඕනේ. පාස්කු ඉරිදා වාර්තාවේ රෙකමන්ඩේෂන් 78ක් තියෙනවා. ඉතින් කෝ ඒවා ක්‍රියාත්මක වුණාද?

මේ හතරදෙනාගේ නම් පාස්කු ඉරිදා කමිෂන් රිපෝර්ට් එකේ කොහෙවත් නැද්ද?

මම දැක්කේ නෑ.

තේරීම් කාරකසභාවෙවත්, මලල්ගොඩ වාර්තාවෙවත් නැද්ද?

මම දැකලා නෑ.

2016 නොවැම්බර් 18 වැනිදා අයවැය ආරක්ෂක වැයශීර්ෂය අතරේ විජයදාස රාජපක්ෂ කියනවා අයි.එස්.අයි.එස්. එකට සම්බන්ධ වෙලා පුහුණුව ලබපු 32ක් ලංකාවේ ඉන්නවා. ඔවුන් පවුල් 4කට සම්බන්ධයි. ඔවුන් ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරලා ලේ විලක් කරන්න සූදානමින් ඉන්නවා. වහාම්වාදී දේශකයෝ 500ක් ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ අය බේරුවල, පුත්තලම වගේ ප්‍රදේශවල ඉන්නවා. මේක හාස්‍යයට ගත්තා. විහිළුවට ගත්තා. විජයදාසට ගැහුවා. එහෙම කියලා මාස 29කට පස්සේ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වෙන්නේ. ඔබ මොකක්ද මේ ගැන කියන්නේ?

විජයදාස ඇමැතිතුමා ඒ ගැන සඳහන් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 4කට කලින් ජනවාරි මාසයේ මම සඳහන් කරලා තියෙනවා සහරාන්ලගෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ 257, 262, 352 මේ වාර්තාවේ තිබෙනවා. ඒ වාර්තාව අරගෙන කියෙව්වොත් ඒකේ සඳහන් කරලා තියෙනවා අසංග අබේගුණසේකර මෙහෙම කියලා තියෙනවා කියලා ජනවාරි මාසේ.

ඔබ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්. ඔබ ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්. ඔබ මේ තොරතුරු දැනගෙන හිටියා නම් ඇයි මෛත්‍රීපාලට ඒ ගැන කිව්වේ නැත්තේ?

මම ලියලා භාරදීලා තියෙන්නේ වාර්තාව.

ප්‍රහාරයෙන් පස්සේ නෙවෙයි, ප්‍රහාරයට පෙර ඇයි කිව්වේ නැත්තේ?

අපි කියන විදියක් තියෙනවා.

මොකක්ද විදිය?

අපි මාසිකව පුරෝකථනයක් හදනවා. එච්.ටී.එෆ්. කියලා ඒකට කියන්නේ. ඒ ලේඛනයේ සඳහන් කරලා තියෙනවා මුල් පිටුවේ ජනාධිපතිතුමාගේ ඇස්වලට පමණයි කියලා. ඒක ලබාදෙන්නේ ආරක්ෂක ලේකම්තුමාට. මමයි ඒක දෙන්නේ. ඒක අපි ලබාදී තියෙනවා. ඒක පොත්වල ඇතුළත් වෙලා තියෙනවා.

ඒකේ මොනවද තිබුණේ?

වනාතවිල්ලුවේ ඩෙටනේටර් හම්බවුණාට පස්සේ අපි සඳහන් කරනවා අයි.එස්.අයි.එස්. පිළිබඳ සහ සහරාන් ඇතුළු මෙම කණ්ඩායම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන්න, ජාතික ආරක්ෂාවට අනිවාර්යයෙන්ම තර්ජනයක් සිදුවෙනවා, විදේශ බලපෑම් මොනවද කියලා හොයන්න කියලා. පැහැදිලිවම කියනවා තිබෙන විදේශ බලපෑම් හොයන්න කියලා.

රොහාන් ගුණරත්න වවුනතිව් ඇටෑක් එක එල්.ටී.ටී.ඊ. එකෙන් කළ බව කියද්දී ඔබ නෑ ඒක කළේ සහරාන්ලා කියන්න ඔබට තිබුණු සාක්ෂි මොනවද?

මම සහරාන් කියලා කිව්වේ නෑ. මම කිව්වේ එල්.ටී.ටී.ඊ. කියලා කියන්න බැහැ කියලයි.

ඔබ ඔබේ වාර්තාව දුන්නා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට?

ඔව්.

ඒක හේමසිරිටවත් විවෘත කරන්න බැරිද?

එයාට බලන්න පුළුවන්. එයා තමයි ඒක ජනාධිපතිට පැහැදිලි කරන්නේ.

ඔබට විශ්වාසද ඔහු මේක ජනාධිපතිවරයාට පැහැදිලි කළා කියලා?

එහෙම කළේ නෑ කියලනේ මෛත්‍රීපාල කිව්වේ.

මෛත්‍රීපාලගෙන් ඔබ මේ ගැන ඇහුවද?

ඔහු කිව්වා මේවා මට ලැබුණේ නෑ කියලා කිව්වා.

ඔබ ඇහුවේ කවදාද?

බෝම්බෙන් පසුව.

වචනවලින් කියන්න ඔබ අහපු?

මම මේක සඳහන් කරලා තියෙනවා ජනවාරි මාසේ, ඔබතුමාට මේවා ලැබුණේ නැද්ද කියලා මම ඇහුවා. නෑ මට කවුරුවත් මේක දුන්නේ නෑ කිව්වා.
ඔබ කිව්වද ඔබ මේක හේමසිරිට දුන්නා කියලා?

ඔව්.

එතකොට මෛත්‍රිපාල කිව්වද හේමසිරි මට දුන්නේ නෑ කියලා?

බී්‍රෆ් කළේ නෑ කියන එක තමයි කිව්වේ.

මෛත්‍රීපාල ඇත්ත කියනවද බොරු කියනවද කියලා කොහොමද දන්නේ?

ඒක මම දන්නේ නෑ. අපි නිලධාරීන් වශයෙන් කරන්න ඕනේ රාජකාරිය ඉටුකරලා තියෙන්නේ.

සාරා ජැස්මින් ගැනත් මේ අතර එළියට එනවා. ඇය රෝ සංවිධානයට සම්බන්ධයි කියනවා නේද? ඇය මැරුණේ නෑ කියනවා නේද?
ගොඩක් කතා කියනවා.

ඔබ හිතන්නේ මොකක්ද?

ජනාධිපති කොමිෂන් වාර්තාවේ පළමු වෙළුමේ පිටු හාරසිය පනස් ගානක් තියෙනවා. මේවා කවුද අධ්‍යයනයට ලක්කළේ? මේ කරුණු අධ්‍යයනය කරන්න ඕනේ. ෆාදර් සිරිල් ගාමිණී සැක මතුකරන පොයින්ට්ස් ටික මම කියෙව්වා. ඒවා අනිවාර්යයෙන්ම හරි. ඒ සැකයම තමයි අපිටත් තියෙන්නේ. මෙවැනි තත්ත්වයක් ඇතිවුණාම හතරදෙනෙක් එකපාරට අත්අඩංගුවට ගන්නවා. අයිස් ජාවාරම්කාරයෝ අයි.එස්.අයි.එස්. සාමාජිකයෝ විදියට. මේවා සම්බන්ධයෙන් වැඩකරන කෙනෙක්නේ මම. මට තියෙන ගැටලුව තමයි දැන් ඡන්දයක් තියෙනවා මාස 4කින්. කාටද අපි ආරක්ෂාව ලබාදෙන්න ඕනේ? ආරක්ෂාව වැඩිකරන්න ඕනේ කාටද? මම දකින්නේ පුද්ගලයන් දෙන්නෙක් පමණයි.

කවුද ඒ?

අනිවාර්යයෙන්ම ආරක්ෂාව ලබාදෙන්න ඕනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාරට. මම දකින විදියට.

ඒ අයට තර්ජනයක් තියෙන නිසාද?

මේ වගේ කරුණක් මතු වුණාම මට සැකයක් තියෙනවා. අයි.අස්.අයි.එස්. සාමාජිකයෝ අයිස් ජාවාරම් කරන්නේ නෑ. අයිස් ජාවාරම් කරන අපේ ලංකාවේ කොල්ලෝ හතරදෙනෙක් ගිහින් ඉන්දියාවේ ඔපරේෂන් එකක් කරයිද?

ඇයි ඔබ සජිත්ගෙයි අනුරගෙයි ආරක්ෂාව වැඩිකරන්න කියන්නේ?

ඡන්දයක් ඉස්සරහා තියාගෙන මහජනතාවගේ ආරක්ෂාව එකක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් ඕනේ කියන පුද්ගලයන් දෙන්නයිනේ මතුවෙන්නේ. ඒ කියන්නේ සජිත් සහ අනුර කුමාර. ඒ දෙන්නා ලිඛිතව භාරදීලා තියෙනවනේ කාදිනල්තුමාට ඒ අය බලයට ආවොත් ස්වාධීන කොමිසමක් පත්කරනවා කියලා. ඒ ගැන අනිවාර්යයෙන්ම මගේ විශ්වාසෙකුත් තියෙනවා කරයි කියලා.

කොහොම වුණත් මේ ගැන ස්වාධීන කොමිසමක් අවශ්‍යයි. වාර්තා 3ක් ලබාගෙන තිබෙනවා. රෙකමන්ඩේෂන් 78ක් තියෙනවා. නමුත් කිසිම දෙයක් වෙලා නෑ. කාදිනල්තුමා ඇතුළු හැම දෙනාම ඉල්ලන දේ අනිවාර්යයෙන්ම සාධාරණයි.

කාදිනල්තුමා කියන ආකාරයේ මහමොළකරුවෙක් මේකේ ඉඳලා තියෙනවද?

ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිවම තියෙනවා විදෙස් අතපෙවීමක් මේකට තියෙනවා කියලා. 218 පිටුවේ තියෙන්නේ. ඒකේ තියෙනවා There is a foreign hand කියලා. කවුද මේක කියන්නේ? ලංකාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙක් කියන්නේ.

කවුද ඒ?

කියවලා බලන්න පොතේ තියෙනවා.

ඒ කරුණමයි මමත් කියන්නේ. විදේශ අතක් මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. එක පාරටම කොල්ලෝ ටිකක් ගිහින් කළා කියන එක සැක සහිතයි.

Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කොහෙද කියලා හොයපල්ලා…! මූ කව්ද කියලා කියපල්ලා…! මූව අල්ලලා දීපල්ලා…! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා කතෝලික සභාව පාවිච්චි කරලා කරන්න හදපු ලාබ යටිකූට්ටු දේශපාලන වැඩපිළිවෙළ අපිට හෙළිදරව් වුණා..! පාස්කු කමිටුවක් ගැන කියලා නීතිපතිගේ නිල කාලය මාස හයකින් දීර්ඝ කිරීම සම්පූර්ණයෙන්ම අපව නොමග යැවීමක්! ඒක මහ මෝඩ කතාවක්..! කාදිනල් හිමියෝ ලොකු හෙළිදරව්වක…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...

Read more
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.