ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ හෙළිකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඒ මහතා ඉවත් කිරීමට තීරණය කොට තිබූ බව වාර්තා වේ.Sri Lanka Latest News
රොෂාන් රණසිංහ මහතා සිදුකළ කතාවේදී ජනාධිපතිවරයාත්, ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානීනුත් අපහසුතාවට පත්වන ආකාරයට දැඩිව අදහස් ප්‍රකාශ කොට තිබීම මේ සඳහා හේතුවී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (09) දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කිරීමේ සූදානමින් යුතුව බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නිමල් ලන්සා යන මහත්වරුන් ජනාධිපතිවරයා මුණගැසී මෙම ඉවත් කිරීම සිදු නොකරන ලෙසත්, එසේ කළහොත් ආණ්ඩුවට දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ අදහස ඉවත් කොට ගෙන ඇති බව වාර්තා වේ.










