දේශීය ණය සඳහා ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන අතර සිදු වන්නේ ප්‍රශස්තකරණයක් බවත් ඒ අනුව වර්තමාන රජය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වචන හරඹයක නිරතව සිටින බවත් ඔවුන් මේ රටේ ජනතාවගේ ඇස් වසා බොරු කර ජනතාව රැවැට්ටවීමක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට සහ රටට විවෘත කරන ලෙස තමා ඇතුළු පිරිස පැවසූ බවත් එවැනි ගිවිසුමකට යෑමට පෙර සෑම දේශපාලන පාර්ශ්වයන් සමගම සාකච්ඡා කර තිරසාර ස්ථීර විසඳුමක් ලබා ගැනීම සිදු විය යුතු වුවත් අප රටේ පාලකයන් සිදු කර ඇත්තේ ප්‍රමාද වී අයි.එම්.එෆ් එකට ගොස් අසාර්ථකම සාකච්ඡාවක සහ ගිවිසුමකට එළැඹීම බවත් එහි ඵලවිපාක මේ වන විට ජනතාව බුක්ති විඳිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සුහුරු සාකච්ඡාවක් හා හොඳ ගිවිසුමකට එළඹෙන ලෙස අවස්ථා ගණනාවක දි සමගි ජන බලවේගය ප්‍රකාශ කළත් ඒ කිසිවක් වත්මන් රජය ගණන් නොගත් බවත් ඔවුන් හොඳටම කරනවා යැයි පුරසාරම් දොඩවමින් කටයුතු කළ බවත් එහි අහිතකර ප්‍රතිවිපාක ජනතාවට අත්විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊ (18) ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරිම ක්‍රියාත්මක කළොත් ආර්ථිකය, බැංකු පද්ධතිය හා ලක්ෂ 220ම තවත් අසරණ වී රට විනාශ වන බවත් මෙය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් ජනතාවට විවිධ ඇස්බැන්දුම් ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කටයුතු කළහොත් පාර්ලිමේන්තුවේ බහුතයක් නොමැති වුවත් ජන බලයක් යටතේ නැගී සිටින බවත් පැවසීය.













