• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායක ආචාර්ය අවුල! මර්වින්ලටත් දීපු හැටි! සල්ලිවලට දෙන උපාධි! ලොකු උපාධි තුට්ටු දෙකට වට්ටපු ලොකු පුටුවලට ගිය උදවිය! Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කතානායක ආචාර්ය අවුල! මර්වින්ලටත් දීපු හැටි! සල්ලිවලට දෙන උපාධි! ලොකු උපාධි තුට්ටු දෙකට වට්ටපු ලොකු පුටුවලට ගිය උදවිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධාකාරයේ ප්‍රශ්න අලුතෙන් ආණ්ඩුවක් ආවට පස්සේ ඒ ආණ්ඩුවට එනවා. ඒකට හේතුව ආණ්ඩුවක් පත්වෙන්නේ රටක 100%ක ඡන්දෙන් නෙවෙයි. ඒ ආණ්ඩුවට විරුද්ධ වෙච්ච, ඒ ආණ්ඩුව එනවට අකැමැති වෙච්ච, වෙන පැත්තකට ඡන්දේ දුන්නු, වෙන පැත්තක අපේක්ෂකයොත් එක්ක තමයි මේ ගේම ගහගෙන යන්න ඕනේ. ඒක ඉතින් මේ ආණ්ඩුවටත් හරිම සාමාන්‍ය දෙයක්. විශේෂත්වය වෙන්නේ මේ ආණ්ඩුව පත්වුණේ කවදාවත් මෙහෙම ආණ්ඩුවක් ලංකාවේ පත්නොවේවි කියන පරිසරයක් උඩ. අපි දැක්කා තැන් කීපයකදීම මේ ආණ්ඩුවට බලය ලැබේවිද, ඔයාලා මේ රටේ බලය ගනීද කියලා පොඩි පොඩි කෝචොක් දාන තැනුත් තිබ්බා. ඒ නිසා මේ ආණ්ඩුව පත්වුණේ මිරකල් එකක්, එහෙම නැත්නම් ආශ්චර්යයක් විදියට කියන එක තමයි අපිට පිළිගන්න තියෙන්නේ. (Sri Lanka Latest News)

ආශ්චර්යයක් එක්ක ආණ්ඩුවක් පත්වුණාට පස්සේ ඒ ආණ්ඩුවට එන්නේ ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධව ආර්ථිකමය හෝ සමාජීයමය හෝ ආගමික හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් මිසක අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් සම්බන්ධ ප්‍රශ්න නෙවෙයි. හැබැයි මේගොල්ලන්ට වැඩිපුරම ආවේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න. උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි, ආචාර්ය උපාධි නිබන්ධන වගේ දේවල් ගැන දිගින් දිගටම තර්ක විතර්ක දැන් ඇතිවෙමින් යනවා. මහ පුදුම දේ ඒවා ඔප්පු කරගන්න බැරුව මේගොල්ලෝ අසරණ වෙනවා වගේ දෙයකුත් පේන්න තියෙනවා. අපි දන්නේ නෑ ඇත්තටම එහෙම ඔප්පු කරන්න බැරිවෙනවද, එහෙම නැත්නම් ඇත්තටම මේ සහතික පත්‍ර අතේ නැති නිසා එහෙම දේවල් වෙනවද කියලා. තැන් තැන්වල ෆේස්බුක් එකේ නම් විවිධාකාරයේ චරිතවල නම්ගමුත් එක්කම මේගොල්ලන්ගේ උපාධි සහ විවිධ සුදුසුකම් සම්බන්ධව පාර්ලිමේන්තුවේ නිල ලේඛනයේ තිබුණු සමහර දේවල් හැලිලා යන හැටි, ඡන්දේ ඉල්ලනකොට නමට කලින් තිබුණු සමහර සුදුසුකම් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් ගැළවිලා තිබුණු හැටිත් අපි දැක්කා. කොහොම වුණත් මේ ආචාර්ය උපාධිය කියන එක දැන් විහිළුවක් වෙලා තියෙන්නේ.

අපි දැක්කා තැන් තැන්වල මේ ආචාර්ය උපාධිය ගැන කියලා තියෙන දේවල්. ආචාර්ය උපාධිය එහෙම නැත්නම් දර්ශනසූරී උපාධිය විශ්වවිද්‍යාලයේදී විශේෂ නිබන්ධනයක් හදලා මූලික උපාධියක් සහ එම උපාධියකින් පස්සේ කරන ඵඡයසක එකක් වගේ විශේෂිත උපාධියකින් පස්සේ විශ්වවිද්‍යාලය මගින් හිමිවෙන දෙයක්. ඒ වගේම විශ්වවිද්‍යාල මගින් ආචාර්ය උපාධි පිරිනමන අවස්ථාත් තියෙනවා. ඒ ආචාර්ය උපාධියට ඔවුන් නිබන්ධන හදලා, විවිධාකාරයේ පරීක්ෂණවලට පෙනී ඉඳලා නෙවෙයි කෙළින්ම ආචාර්ය උපාධිය තමන් වෙත ලබාගන්නවා. හැබැයි සමහර තැනක තියෙනවා අපි දැක්කා ආචාර්ය උපාධිය කියලා කියන්නේ අධ්‍යාපන සුදුසුකමක් නෙවෙයි. ආචාර්ය උපාධිය කියලා කියන්නේ විශ්වවිද්‍යාලයේ උගන්වන ඇදුරා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය විසින් ලබාදෙන දෙයක්. එහෙම නැත්නම් ආචාර්ය උපාධියේ නිල කියවීම වෙන්නේ දර්ශනසූරී කියන එක කියලා නමත් එක්ක පී.එච්.ඩී. කියලා හෝ ඩොක්ටර් කියලා හෝ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දර්ශනසූරී කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව ආචාර්ය කියලා හැමෝටම පාවිච්චි කරන්න බැහැ කියලා.

කොහොම වෙතත් මෙන්න මේ ආචාර්ය උපාධිය මර්වින් සිල්වාගේ ඉඳලා ලංකාවේ තුට්ටු දෙකට වැටිලා. පහුගිය කාලේ විවිධ චරිතවලට ආචාර්ය උපාධි විවිධ ආයතනවලින් දීලා ඒවා හරිම සිල්ලර වෙලා, ලාභ වෙලා සත පහකට ගණන් නොගන්න තැනකට පත්වෙලා ඉවරයි. අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගෙන තමන්ගේ සුදුසුකම් සම්පූර්ණ කරගෙන, තමන්ගේ වැඩකටයුතු සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරගත්ත මිනිස්සුන්ට අසාධාරණයක් සිදුවෙන විදියට දැන් ආචාර්ය උපාධිය ලැජ්ජාසහත තැනකට පත්වෙලා ඉවරයි. සමහරු නම් කියනවා එන්.පී.පී. ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ ඔවුන්ට තියෙන අධ්‍යාපන සුදුසුකම් ගැන නෙවෙයි, ඇයි බොරු කිව්වේ, අපි බොරු නොකියන කණ්ඩායමක් හැටියට තමයි ඕගොල්ලන්ව හඳුනාගෙන තිබ්බේ කියලා. මොකද අපි දන්නවා ලංකාවේ දේශපාලකයන්ගේ තිබුණු අනන්‍යතාවක් තමයි බොරු කියන එක. කාලයක් තිස්සේ ලංකාවේ දේශපාලකයෙක් වෙනවා නම් ඔහු පාර්ලිමේන්තු යනවා නම් ඔහුට තිබුණු ඊළඟ අනන්‍යතාව වුණේ බොරු කියන එක. වංචා කරන එක. හොරකම් කරන එක. මේවා නැති පිරිසක්නේ මේ පත්කර ගත්තේ. ඒ නිසා මේගොල්ලොත් බොරු කියනවා කිව්වාම මිනිස්සුන්ගේ හිත රිදෙනවා. රංවල මහත්තයගේ සිද්ධියෙන් තමයි මේක ප්‍රධාන වශයෙන්ම එළියට ආවේ. ඔහු ඉල්ලා අස්වෙනවා. ඇත්තටම ඔහු ඉල්ලා අස් නොවී තමන්ගේ සුදුසුකම් පෙන්නලා පරණ විදියටම ඉන්න තිබුණා නම් තමයි වඩා හොඳ. අපි දැක්කා ඔහු කීප තැනකදී මේ ප්‍රශ්නයේදී යම් යම් කාරණාවලදී යම් යම් තැන්වලදී අසරණ වෙනවා. අසරණ වීමත් එක්ක තමයි මේ ප්‍රශ්නය ටිකක් දුරදිග ගියේ. ඇයි එහෙම කියලා අහන්න ගත්තේ. ඔන්න ඔය විදියට ප්‍රශ්න කීපයක් උද්ගත වුණා. අවුල්සහගත තැන් කීපයකදී මේක සාකච්ඡා වුණා.

දැන් ඔහු තමන්ගේ උපාධි සහතික අරන් එන්න ජපානේ යනවා කියලත් කතාවක් තියෙනවා. අපි දන්නේ නෑ උපාධි සහතිකයක් අරගෙන එන්න ජපානේ යන්න ඕනෙද කියලා. ජපානේ වගේ රටකින් කෙනකුගේ උපාධි සහතිකයක් හෝ ඊට අදාළ කරන ලියවිල්ලක් අන්තර්ජාලය ඔස්සේ ලබාදීමට ක්‍රමවේදයක් තියෙනවද කියලා. අපි දන්නවා පිට රටකට ගිහිල්ලා උපාධි සහතිකය හොයාගෙන එනවා කියන්නේ ලක්ෂ හත අටක වියදමක් යන වැඩක්. ඒ වගේ වියදමක් දරන්න මේ අලුත් ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන්ට එච්චර සල්ලි තියෙනවද? ඔවුන් ඒ තරම් සල්ලිකාරයොද? ඔවුන්ට වියදම් කරන්නේ කවුද? ඒ සල්ලි හම්බවෙන්නේ කොහෙන්ද? ඒ වගේ දේවල් මිනිස්සු දැන් ප්‍රශ්න කරන්න පටන් අරගෙන ඉවරයි.

මේ ආචාර්ය උපාධි පිරිනැමීම සම්බන්ධයෙන් ලංකාවේ යම් ප්‍රශ්නයක් පහුගිය කාලේ අපි දැක්කා ගොඩනැගිලා තියෙන ආකාරය. මේකට තහනම් පවා පනවලා තිබුණු විවිධ ආයතනවලට, එහෙම ආචාර්ය උපාධි දෙන්න බැහැ කියලා. හැබැයි තාමත් ඒක ඒ විදියටම වෙනවා වගේ දෙයක් අපිට පේන්න තියෙනවා. මේක ඇත්තටම දැන් හාස්‍යයක් වෙලා, විහිළුවක් වෙලා. ඒ වගේම ඡන්දෙට කලින් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කිරීම අපි දැක්කේ නැහැ මීට කලින් දේශපාලනයේදී. අධ්‍යාපන සුදුසුකම් මත ඡන්දේ දෙන බවක් අපි දැක්කෙත් නෑ කලින් දේශපාලනයේදී. අපි දන්න ගොඩක් නම් තියෙන අයට තිබුණු චෝදනාව වුණේ ශිෂ්‍යත්වෙ පාස් නෑ, අට පාස් නෑ, ඕලෙවල් කරලා නෑ, ඒලෙවල් කරලා නෑ, විශ්වවිද්‍යාලෙ ගිහින් නෑ, උපාධියක් නෑ වගේ දේවල්. ආචාර්ය උපාධි තියෙන අය පාර්ලිමේන්තුවේ කීපදෙනයි හිටියේ.

දැන් ඒ තත්ත්වය වෙනස් වුණා. ඒ වෙනුවට අධ්‍යාපනය හොඳින් කරපු, ඉගෙනගත්ත, අධ්‍යාපනයේ වටිනාකම ගැන වැඩිපුර හිතපු පිරිසක් පාර්ලිමේන්තුවට ආවා. දැන් ඒක ප්‍රශ්න කරන තැනට පත්වෙලා. ඔවුන් බොහෝ දෙනෙක්ගෙ සුදුසුකම් ඉතාම ඉහළ තැනක තිබුණා අධ්‍යාපනිකව. නමුත් දැන් ඒවා එහෙම නෑ කියන තැනට පත්වෙලා. ඒ නිසා මේක ටිකක් දැන් එළියේ කතාකරන්න ඕනේ දෙයක් බවට පත්වෙලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා. තවදුරටත් අධ්‍යාපනය තුට්ටු දෙකට දාන්න ගත්තොත් මේ රටේ තියෙන යම් වටිනාකමක් හෝ තියෙන එකම දේ වෙච්ච අධ්‍යාපනයත් නිකන්ම නිකන් සිල්ලර වෙලා යාවි කියලා අපිට හරි දුකයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

1. දුප්පත්කම තුරන් කිරීම! 2. ඩිජිටල්කරණය! 3. ක්ලීන් ශ්‍රී ලංකා! රට වෙනම තලයකට ඔසවන්න අනුරගෙන් ලොකු වැඩ 3ක්! I Sri Lanka Latest News

Next Post

ජැක්සන් ඇන්තනිගෙ දුවයි බෑණයි එළියට එයි! අතුරුගිරියේ පොලිසිය සිදුකරපු අමානුෂික සිදුවීම හැඬූ කඳුලින් ලෝකෙටම කියයි! පොලිසියෙන් ඇහුවලු ජැක්සන් ඇන්තනි මහා පොරක්ද කියලා! කෝ අර ඡන්දෙ කාලෙ වේදිකාවල කඩේ ගිය කලාකරුවො වරෙල්ලා! ඇවිත් කතාකරපල්ලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.