ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
ඒ බව ජනක රත්නායක මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.










