දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු කිහිපයක් හමු වූ බව පොලීසිය පවසයි. Sri Lanka Latest News
බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ තේ වත්තක තිබී එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් හමු වී ඇති අතර ඔහු වයස අවුරුදු 73ක පමණ පුද්ගලයෙක් වන බව සඳහන් වේ.
අදාළ පුද්ගලයා කළුපාට කබායක් සහ රතු පාට ඉරි සහිත සරමක් හැඳ සිට තිබේ.
එමෙන්ම මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවාව මුහුදු වෙරළේ තිබී ද පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.
එම මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව පොලීසිය පැවසුවේය.
එමෙන්ම ගල්කිස්ස වෙරළ තීරයේදී ද නාඳුනන මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.









