2022 වසරේ ජනවාරි මස 11 වන දා, බොරැල්ල සියළු ශාන්තුරවයන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගනු ලැබී ය.Sri Lanka Latest News
මෙම බෝම්බය දේවස්ථානය තුළ තබන ලද්දේ විශ්‍රාමික වෛද්‍යවරයෙකු බවට පොලිසිය විසින් ප්‍රබන්ධයක් ගොඩ නැගී ය.
ඒ අනුව අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබා ගනු ලැබී ය.
එම වෛද්‍යවරයා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් ගේ පියා ය.
අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාගේ බිරිද එම සිද්ධිය සිද්ධ වූ ආසන්න කාලයේ මියගොස් තිබුණු අතර, ඔහුට, බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානය සමග පුද්ගලික වෛරයක් ඇති බවටත් වන මතයක් නිර්මාණය කිරීමට පොලිසියට කටයුතු කළේ ය.
නමුත්, කාදිනල් මැල්කම් රන්ජිත් පියතුමා මුල සිටම පොලිසියේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළේ ය.
බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ ජීව අත්බෝම්බයක් තබා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව පැවසූ එවකට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, එම පරීක්ෂණයට බාධා නොකරන ලෙස කාදිනල් හිමිට දැඩිව දැනුම් දී තිබුණි.
බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට අදට හරියටම වසර හතරකි. ඒ වෙනුවෙන් පල්ලිය ඉදිරියේ විරෝධතාවයක් පවත්වා ඇති අතර, නව රජයෙන්, අදාල සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අපේක්ෂා කරන බව පල්ලිය ඉල්ලා සිටියි.











