අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධයෙන් පැන නගින පුරවැසි පැමිණිලි පහසු කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නව ක්ෂණික ඇමතුම් අංකයක් (කෙටි අංකයක්) හඳුන්වා දී තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවාවලට අදාළ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට 1904 යන කෙටි අංකය ඔස්සේ අදාළ කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.
මෙම පියවර මඟින් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී ඇතිවන බාධා අවම කිරීමට සහ මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.










