ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී සහ නියෝජ්‍ය කතානායක ජන්ද විමසීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඩීල් දැමූ පිරිස රටටම හෙළිදරව් වූ බව සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරු අමාරුවේ වැටී සිටින විට ඔවුන් බේරාගන්නා බවත්, වික්‍රමසිංහ මහතා අමාරුවේ වැටී සිටින විට රාජපක්ෂලා විසින් ඔහුව බේරාගන්නා බවත්ය.










