ප්‍රංශයේ නව අගමැති ලෙස Élisabeth Borne නම් කළ බව CNN පුවත් සේවය වාර්තා කළා.
ප්‍රංශයේ අගමැති ධුරයට කාන්තාවක පත් වූයේ වසර 30කට පසුවයි.
පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, හිටපු අගමැති Jean Castex වෙනුවට Élisabeth Borne මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවයි.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ප්‍රංසයේ අගමැති ධුරයට කාන්තාවක් පත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර එරට සමාජවාදි ජනාධිපති François Mitterrand යටතේ 1991 මැයි මාසයේ සිට 1992 අප්‍රේල් මාසය දක්වා පළමු වරට එම ධුරය හොබවනු ලැබුවේ Édith Cresson විසිනි.
මීට පෙර ප්‍රංශයේ කම්කරු, ප්‍රවාහන සහ පාරිසරික ඇමැතිවරිය ලෙස කටයුතු කළ 61 හැවිරිදි Élisabeth Borne ජනාධිපති emmanuel macronගේ ජනපති සටනේදී වැඩි කාර්යභාරයක් ඉටු කර තිබුණා.










