• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරැල්ලක්ද? විප්ලවයක්ද? පෙරළියක්ද? කියවන්න කතාව! යාපනේ අන්නා නඩරාජා! Sri Lanka Latest News

January 26, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කැරැල්ලක්ද? විප්ලවයක්ද? පෙරළියක්ද? කියවන්න කතාව! යාපනේ අන්නා නඩරාජා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහු සිය ගණනකට රැකියා ලබාදෙමින් කර්මාන්තකරුවකු බවට පත්වූ අපූරු පුර්ගලයෙකි. ඔහු අන්නා ඉන්ඩස්ටී්‍රස්හි නිර්මාතෘවරයා විය. ඔහු කුඩා කර්මාන්ත කිහිපයක් දිරිමත් කරමින් සිදුකළ සේවය සලකා බොහෝ අංශවලින් සම්මානයට පාත්‍ර වූ ව්‍යවසායකයෙකි. Sri Lanka Latest News

ඉනුවිල් යනු යාපනයේ සිට කන්කසන්තුරේ පාරේ කිලෝමීටර 5ක් දුරින් පිහිටි සාමාන්‍ය හින්දු ගම්මානයකි. එහි වාසය කරන්නේ එළවළු, දුම්කොළ සහ අනුබද්ධ ආහාර භෝග වගා කිරීමේ නිහතමානී ජනතාවකි. රතු ලෝම පස සාරවත් වුවද, වාරිමාර්ග සඳහා භූගත ජලය භාවිත කිරීමට සිදුවේ. ළිං ඉතා ගැඹුරුය. මීට වසර 65-75කට පෙර, ගොවිපළවල ළිං ආශ්‍රිතව එක් අයෙක් ජලය ඇදීමට, එක් අයෙක් ළිඳේ ඉහළට සහ පහළට බැසීමට හා පිරිසිදු කිරීමට යොමු වී සිටියහ. අසල්වැසි ගොවිපළවල හිමිකරුවන් වූවේද ඔවුන්ගේම දන්නා හඳුනන උදවිය නිසා ඉඩම්වලට ජලය සැපයීම මාරුවෙන් මාරුවට සහෝදරයන්, ඥාතීන් විසින් සිදුකරන ලදී. එය පසුගිය දශක හයක කාලය තුළ බොහෝ වෙනස්කම්වලට ලක්වූ හොඳින් බැඳී ඇති ප්‍රජා ජීවිතයක් විය.

ඉනුවිල් යනු යාපනයේ ද්‍රවිඩ රජවරුන්ගේ කාලය දක්වා දිවෙන පරරාජසේකර පිල්ලෙයාර් කෝවිල සහ සේගරරාජසේකර පිල්ලෙයාර් කෝවිල වැනි ඓතිහාසික දේවාල භූමියකි. මෙම විහාරස්ථාන ප්‍රජා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. පූජකවරු, වාදකයෝ (ැිචග භ්එය්ිඅ්ර් – ඔය්ඩසක ඩසාඅ්බි) සහ පන්සල් සේවයේ යෙදී සිටින සුළු ශිල්පීන් රාශියක් පන්සල් අවට වාසය කළහ. ඒ නිසාවෙන්ම ඒ අවට ඉතා පොහොසත් සංස්කෘතියක් වර්ධනය විය. මෙම හින්දු සංස්කෘතියේ අඩිතාලම කෙතරම් ශක්තිමත්ද යත් මනිපායි සහ උඩුවිල් ප්‍රදේශවල මුල් බැසගත් ක්‍රිස්තියානි ධර්මයට ඉනුවිල් තුළට ඇතුළු වීමට නොහැකි විය.

නිර්භීත පුරෝගාමියා වූ, දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිමූර්තිය වූ අන්නා නඩරාජා 1937 දී නිහතමානී ගොවියකුගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපත ලැබුවේ ඉනුවිල්හිදීය. ඔහුට සහෝදරියන් හය දෙනෙකු සහ සහෝදරයකු සිටියේය. අන්නාට රැකියාවක් සොයාගැනීමට සිදුවිය. වයස අවුරුදු 20දී ඔහු කොළඹ වරායේ ටැලි ලිපිකරුවකු බවට පත්විය. මාස කිහිපයකින් ඔහු රැකියාවෙන් ඉවත් විය. මුද්‍රණාලයක ඔහුගේ කාලය වැඩිකල් පැවතුණේ නැත. ඔහු නැවත යාපනයට පැමිණ මාර්ග අධීක්ෂකවරයකු ලෙස රැකියාවක් භාරගත්තේය. නමුත් ඔහුට සිදුවූයේ දැඩි හිරු රශ්මියේ සිටගෙන සිටීමටය.

වරක්, ඔහු පාර අයිනේ ගල් පර්වතයක් මත වාඩිවී සිටින විට, ඒ අසල සිටි මහලු මිනිසෙක් ඔහුගෙන් මෙසේ ඇසීය. ‘ඔබ කවුද? ඔබ මෙහි වාඩිවී සිටින්නේ ඇයි?’ ඔහු එහි කරන්නේ කුමක්දැයි නාඩා ඔහුට පැවසූ විට ඔහු මෙසේ අදහස් දැක්වීය. ‘ඔබ තරුණ වියේදී වෙහෙස මහන්සි වී වැඩකරන්න. ඔබ වයසට ගිය පසු බොහෝ සැප සම්පත් භුක්ති විඳිය හැකියි’ යන්නයි. එසේ පැවැසූ මහලු පුද්ගලයා මාර්ගය ඔස්සේ ඇවිදිමින් නොපෙනී ගියේය. මෙය ප්‍රහේළිකාවක් වූ නාඩා චන්ද්‍රා ස්ටෝර්ස්හි (පාරට විරුද්ධව පිහිටි) හිමිකරුගෙන් විමසුවේ ‘ඔබ ඔහුව දන්නේ නැද්ද?’ කියායි. වෙළෙඳසලේ හිමිකරුගේ පිළිතුර වූයේ ඔහු යෝගර් ස්වාමි මුනිවරයෙක් යන්නයි.

වරෙක ජනප්‍රිය සබන් නිෂ්පාදකයා වූ ‘මිල්ක්වයිට්’ කනගරාජා තරුණ නාඩා දැක ඔහු සමග කතාබහට පැමිණියේය. ‘මිල්ක්වයිට්’ ඔහුට ඔහුගේ කර්මාන්ත ශාලාවට ආරාධනා කළේය. මේ වනවිටත් රැකියාවක් සොයා බලා සිටි නඩරාජා එහි වැඩකිරීමට තෝරා ගත්තේය. නමුත් විශාල පවුලක් නඩත්තු කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

නාඩා දැන් තීරණය කළේ ගොවිතැන් කිරීමට උත්සාහ කිරීමටය. මන්ද ගොවිතැන්බත් කිරීම යාපනයේ විලාසිතාවක් නොව, මහා පරිමාණයෙන් සිදුවූ ව්‍යාපාරයක් වීම නිසායි. වවුනිකුලම් ප්‍රදේශයේ රජය විසින් ලබාදුන් කුඹුරු අක්කර 3ක් සහ උස්බිම් අක්කර 2ක් ඔහු ලබාගත්තේය. කැලය එළිපෙහෙළි කිරීමට සිදුවිය.

ජනපදවාසීන්ගෙන් බලාපොරොත්තු වූයේ නවාතැන් ගැනීමට මඩුවක් හදා පඳුරු කපා, ඒවා පුලුස්සා, වැටක් ඉදිකර, ඉඩම කපා හේන් වගාකිරීමටය. මෙම අභියෝගාත්මක ව්‍යාපාරය සඳහා, මුදල් ගෙදරින් පැමිණිය යුතුය. මුදල් අගහිඟකම් නිසාම නඩරාජා ඉඩම බදුදී නැවත නිවෙසට පැමිණියේය.
යාපනයේ ඉනුවිල්වලට නුදුරුව ජීවත් වූ ‘අන්නමලෙයි’, සිද්ද වෙදකමට බොහෝ ජනප්‍රිය විය. ඒ නිසාම ඔහුගේ නිවෙස පිහිටි සුදුමලේ බොහෝසෙයින් කාර්යබහුල විය. රෝගීන් අලුයම 4ට පැමිණීමට පටන් ගන්නා අතර උපදේශන සඳහා පෝලිම් ගැසෙනු ඇත. ප්‍රතිකාර නොමිලේ විය. විඩාබර දිනෙක පසෙකට වී සිටි අන්නාට ‘දෙවියන්ගේ පූජනීය ස්ථානයට පැමිණෙන සියල්ලෝම එක හා සමානයි’ යනුවෙන් ලියා ඇති දැන්වීමක් දිස්විය. අන්නමලෙයි යනු සොයන්නා වූ නාඩා ඇදගත් චුම්බකය විය. ඔහුගේ යෝජනාව හා මගපෙන්වීම මත ඔසු දත් කුඩු සකස් කිරීමට පටන් ගත්තේය. ඔහු නිෂ්පාදනය ‘අන්නමලෙයි ආයුර්වේද දත් කුඩු’ ලෙස ලේබල් කළේය.

මිල්ක්වයිට් කනගරාජා ඔහුව කෝපි කුඩු කර්මාන්තය සිදුකිරීමට නැඹුරු කළේය. නිවසේදී කෝපි අඹරන ලදී. නිෂ්පාදනයට මුළු පවුලම සහභාගි විය. 1959 දී නාඩා ඇඹරුම් යන්ත්‍රයක් මිලදී ගත්තේය. කනගරාජා නාඩාගේ ආදර්ශය විය. ඔහු මිල්ක්වයිට් බ්ලූ :ඵසකනඅයසඑැ ඊකමැ* සබන් නිෂ්පාදනය කළ නවෝත්පාදකයා විය. මුළු රටේම එවැනි ආකාරයේ නිෂ්පාදනයක් සිදුකළ පළමු පුද්ගලයාද විය.

තවද උතුරේ තල් ගස් ප්‍රවාහනයට ඔහුට දැඩි ආශාවක් තිබිණි. ඔහු තම ලොරියේ තල් ඇට රැගෙන වන්නියට හා නැගෙනහිරට ගියේය. තිස් වසරක යුද්ධයෙන් තල් ගස අතුගා නොදැමුවේ නම් ඒ කනගරාජා තනි අතින් සිදුකළ බිම් වැඩ නිසාය. ඔහු උපයන ඕනෑම දෙයක් ප්‍රජාවගේ හා ජාතියේ දියුණුව සඳහා යෙදවිය. 1975දී ඇනා මරුතානාමඩම් – උරුම්පිරායි මාර්ගයේ ආදාහනාගාරයට යාබද ඉඩමක සිය කෘෂිකාර්මික ගොවිපළ ආරම්භ කළ අතර එම නිසා එය ජනතාව විසින් මගහරින ලදී.

වාසවිලාන්හි හවුල් පදනමක් මත මිදි වත්තක් විවෘත කරන ලදී. අන්නා ෆාම් හවුස් ආදර්ශ ගොවිපළක් බවට පත්විය. එයට කිරි හරක්, කුකුළු මස්, ඌරු පාලනය, හාවුන් ඇතිදැඩි කිරීම ආදිය ඇතුළත් වූ අතර, මෙය දැකගන්නට එවකට ගාමිණී දිසානායක සහ එස්. තොණ්ඩමාන් පැමිණ ඇත. එහි ජල පොම්පයක් මගින් විදුලිය නිපදවීම සිදුකර ඇති අතර, සුළං මෝලක් පවා සවිකර ඇත. 1982දී ගොවිපළට ගිය බි්‍රතාන්‍ය මන්ත්‍රී ජේම්ස් ගිල් මේ සම්බන්ධයෙන් බෙහෙවින් පැහැදී ඇත.

යුද සමයේදී ඉන්ධන හිඟ වූ විට ජීවවායු නිෂ්පාදනය තවත් නවෝත්පාදනයක් විය. මේ අතර ක්‍රමයෙන් කර්මාන්තය ව්‍යාප්ත විය. පැකට් කළ හාල්පිටි, මිරිස් කුඩු, කරපිංචා, කොත්තමල්ලි කුඩු හඳුන්වා දෙන ලදී. අන්නා බ්ලූ, ඇනා සුවඳ දුම්, ඇනා ජෝස් කූරු තවත් නිෂ්පාදන පෙළක් විය.
එවක ‘ජීවාකරම්’ යනු ළදරුවන්, ළමුන්, ගර්භණී සහ කිරිදෙන මවුවරුන් සඳහා විශේෂයෙන් නිපදවන ලද පෝෂ්‍යදායී, රසවත්, සමබල අතිරේක ආහාරයකි. එහි පහත සඳහන් අමුද්‍රව්‍ය අඩංගු විය. සෝයා, උළුහාල්, පිෂ්ටය ලෙස ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස අත්‍යාවශ්‍ය විටමින්වලින් පොහොසත් රතු සහල් සහ කළු ග්‍රෑම් මෙන්ම ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල සහ මේද අම්ල අන්තර්ගත විය. එය යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනගහනයක පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කළේය. තම මව බැලීමට ලංකාවට පැමිණි විදේශගත දෙමළ වෛද්‍යවරයකු අන්නාට අහම්බෙන් මුණගැසුණි. ජීවාකරම් ගැන දැනගත් ඔහු එය විදේශයන්හි ප්‍රචලිත කිරීමට භාරගත්තේය. ඔහු තම පොරොන්දුව ඉටුකළේය.

යාපනය නගර මධ්‍යයේ නව වෙළෙඳපළ සංකීර්ණයේ සිල්ලර වෙළෙඳසලක් ආරම්භ කර මහජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාව ඉටුකළේය. වවුනියාවේත් ශාඛාවක් විවෘත කළේය. ඊළඟ පියවර වූයේ කඳානේ ශාඛාවක් ආරම්භ කිරීමය. නඩරාජාගේ 33 වසරක මෙහෙවරේ කූටප්‍රාප්තිය ලෙස ‘අන්නා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම’ ඉන් පසුව ආරම්භ කිරීම සිදුවිය. අන්නා නිෂ්පාදන දැන් ලෝකය පුරාම වෙළෙඳසල්වලින් විශාල වශයෙන් ලබාගත හැකි විය. විශේෂයෙන්ම උතුරු ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඔස්ටේ්‍රලියාව සහ ස්කැන්ඩිනේවියානු රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මේ අවස්ථාව හිමිවී ඇත.

ව්‍යාපාරය සමෘද්ධිමත් වූ විට, අධ්‍යාපනික හා ආගමික ආයතනවලට සහ වෙනත් වටිනා හේතූන් සඳහා උපකාර කරමින් නඩරාජා දානපතියකු බවට පත්විය. නොමිලේ පොත් සහ පත්‍රිකා හරහා ඔහු ප්‍රජාව දැනුවත් කිරීමට උත්සාහ කළේය. මෙහිදී ඔහු කනගරාජාගේ ආභාසය ලැබීය.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

සුප් – සෝප් සහ සැල්වේෂන්! Sri Lanka Latest News

Next Post

පාට පාට ලස්සන පැන්සල් කියලා දරුවන්ට අරන් දෙන්නේ වස ආකරයක්! රසදිය-ආසනික්-කැඩ්මියම්-බැර ලෝහ වැහිවැහැලා!  Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.