පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව බොහෝ දුරට හෙට දිනයේදී හෝ 9 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු 10 වැනිදා සති 2කට පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සිදු කරනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
එමෙන්ම ලබන 9 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද ජනාධිපතිවරයා විසින් කැදවි ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් මෙසේ පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සිදුකළහොත් පාර්ලිමේන්තුවේ කාරක සභා සියල්ල අත්හිටවෙනු ඇති අතර පාර්ලිමේන්තුව නැවත කැදවීමෙන් පසු යළි එම කාරක සභාවන් අලුතින් පත් කිරීමට සිදුවනු ඇත.
කෙසේවෙතත් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට රාවයක් පැතිර යන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවද දැනගන්නට ඇත.










