• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාංචන-විමල් ලියුම් යුද්ධයක පැටලෙයි! කාංචන එවපු ලියුමකට විමල් උත්තර ලියමින් සැර ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
කාංචන-විමල් ලියුම් යුද්ධයක පැටලෙයි! කාංචන එවපු ලියුමකට විමල් උත්තර ලියමින් සැර ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News

පසුගිය දෙසැම්බර් මස 19 වනදා අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරයා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මහතා මෙම ලිපිය යොමුකර තිබේ.

මේ හරහා මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන බවත් රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇති බවත් විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අදාළ ලිපිය පහතින්,

“රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළන නව විදුලි පනත වහා හකුළා ගත යුතුයි!”

“කාංචන විජේසේකර මැතිතුමා,

ගරු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය,

බලශක්ති අමාත්‍යාංශය,

අංක 80,

ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07.

විදුලි බල ක්ෂේත‍්‍රයේ යෝජිත ප‍්‍රතිව්‍යුහගත කිරීම

(විදුලි පනත මගින් සිදුකිරීමට නියමිත)

ඔබතුමා විසින් 2023.12.19 දින දරන මා වෙත යොමු කරන ලද උක්ත ශීර්ෂය සහිත ලිපියට ස්තුතිවන්ත වන අතර මෙම ලිපියෙන් ඊට පිළිතුරු ලෙස පහත සඳහන් කරුණු ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමි.

1 විදුලි බල ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන ගැටළු ලෙස අප විසින් සහ බොහෝ විද්වතුන් මෙන්ම පොදු ජනතාව විසින් හඳුනාගෙන තිබෙන කරුණු පහත පරිදි වේ.

1.1 පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේදී රජයට අවාසිදායක කොන්දේසිවලට එකඟවීම මගින් සිදු කරනු ලබන දූෂණය.

1.2 පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම සඳහා සිදුකරනු ලබන දූෂණ සහ වංචාසහගත ක‍්‍රියාමාර්ග, විශේෂයෙන් ජලාශවලින් ජලය නිදහස් කිරීම මගින් ජල විදුලිය ජනනය සීමා කිරීම් සහ සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම සහ පමා කිරීම.

1.3 සෙසු රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාවන් එසේම තිබියදී ඉතා ඉහළ වැටුප් සහ දීමනා ගෙවීම අනුමත කිරීම මගින් පිරිවැය වැඩි කිරීම.

1.4 මහජන උපයෝගීතා කොමිසම නොමඟ යැවීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම සහ ඒවා හෙළිදරව් වීමෙන් පසුව ඊට එරෙහිව පියවර නොගැනීම.

1.5 සිතාමතා සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට බාධා එල්ල කිරීම පිළිබඳව සොයාබලා නිසි පියවර ගත යුතු බවට අධිකරණය විසින් ලබා දී ඇති නියෝග පවා නොසලකා හරිමින් ආයතනයේ වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාවන් දිරිමත් කිරීම.

2. අදානි සමාගමට මහා පරිමාණ විදුලි ජනන ව්‍යාපෘතියක් ලබාදීම සඳහා විදුලිබල පනත සංශෝධනය කරමින් ඉතා ඉහළ මිලට තරගකාරීත්වයකින් තොරව එම සමාගමෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම. මෙ.වො. 10කට වැඩි ධාරිතාව සහිත ව්‍යාපෘති සඳහා රජයේ කොටස් අයිතියක් තිබිය යුතු බවට ප්‍රතිපාදන පනතට ඇතුළු කරනු ලබන්නේ එවැනි ව්‍යාපෘතියක් මගින් විදුලි පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් තිබෙන බැවිනි. ඒ අනුව දූෂිත ගනුදෙනුවක අවශ්‍යතාව සඳහා පනත පවා සංශෝධනය කර බලශක්ති පද්ධතිය අනතුරට ලක් කිරීම යනු ඉතාම නරක පූර්වාදර්ශයකි. ඒ මගින් ආණ්ඩුවේ සද්භාවය අභියෝගයට ලක් වේ.

3. නමුත් සුනිත්‍ය බල ව්‍යාපෘතිවලට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් බාධා එල්ල කිරීම වැළැක්වීම සහ ඔවුන්ගේ මහජන වගවීම සහතික කිරීම සඳහා විදුලිබල පනත සහ සුනිත්‍ය බල අධිකාරි පනත සංශෝධනය කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීම මගින් ආණ්ඩුව ඊට අදාළව දරන මතය පිළිබිඹු වේ.

4. එවැනි තත්ත්වයක් තුළ නව පනත මගින් ක්ෂේත‍්‍ර 6කට අදාළව විදුලි පද්ධතිය වෙන් කිරීම සහ එම අංශවල කළමනාකාරීත්වය, පුද්ගලික සහ රාජ්‍ය පුද්ගලික හවුල් සමාගම්වලට පැවරීම හරහා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම මගින් සමස්ත පද්ධතියේ කළමනාකාරීත්වය බිඳවැටීම හරහා රටේ බලශක්ති සුරක්ෂිතතාව පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක. දැනට සියල්ල මධ්‍යගතව කළමනාකරණය කෙරෙන තත්ත්වයක් තුළ පවා පවතින අවුල් දෙස බලන විට වගකීම් කෑලිවලට කඩා පුද්ගලීකරණය කළ විට සිදුවිය හැකි තත්ත්වය වටහාගැනීමට මහා තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ.

5. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට මෙ.වො. 10කට වැඩි ව්‍යාපෘතිවල රාජ්‍ය අයිතිය පිළිබඳව පනත මගින් ප‍්‍රතිපාදන පනවනු ලබන්නේ තාක්ෂණික හේතු මතය. දැන් එම ප‍්‍රතිපාදන ඉවත් කිරීමෙන් නොනවැතී මහා ජල විදුලි බලාගාර පවා පුද්ගලික අංශයට පැවරූ විට සිදුවන දේ තේරුම් ගැනීම සදහා මහා තාක්ෂණික දැනුමක් අවශ්‍යද?

6. ඊට අමතරව නව පනත මගින් පිහිටුවනු ලබන උපදේශක සභාවට පත්කිරීම් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. ඒ අනුව එම සභාවට, මහජන උපයෝගීතා කොමිසමට බලපෑම් කිරීමට බලය ලබාදීම වරදකි.

7. විදුලි බල ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් නොවන අතර ඊට අදාළ මග පෙන්වීම පනත මගින් ලබාදී නොමැති නිසා පනත සම්මත වීමට පෙර ඒ පිළිබඳව අධිකරණයේ මතය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එවැනි බාධාවන් තුළ අදාළ ප‍්‍රතිපත්තිය ප්‍රායෝගික තත්ත්වයට අනුව වෙනස් කිරීමේ බලය අමාත්‍යවරයාට ලබාදීම යනු අත්තනෝමතික තීන්දු ගැනීමට නීතිය මගින් ඉඩ සැලසීමකි.

8. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදන්නා ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට පනත සම්මත කිරීම මගින් අමාත්‍යවරයාට බලය ලබාදීම යනු ගණන් නොදැමූ චෙක්පතක් අත්සන් කිරීමට සමාන වේ. එම ප‍්‍රවේශය පාර්ලිමේන්තු සදාචාරයට ද පටහැනි වන අතර පනත සම්මත කිරීමෙන් පසුව සකස් කරන ප‍්‍රතිපත්තිය මගින් මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති පවා මහජන උපයෝගීතාව නොසලකා පුද්ගලික අංශයට පැවරීමට හැකියාව ලැබේ.

9. පසුගිය රජය යටතේ පවතින නීතිය තුළ පවා LNG ව්‍යාපෘතියට අත්තනෝමතික ලෙස අනුමැතිය ලබා දුන් ආකාරය දෙස බලන විට නව නීතිය යටතේ එවැනි ක‍්‍රියා සඳහා මහා පරිමාණ ඉඩක් විවෘත වේ.

10. ඒ සියල්ල සැලකිල්ලට ගත් විට යහපාලන රජය විසින් විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් විදේශ විනිමය අර්බුදයට පාර කැපූ ආකාරයටම ඔබ විසින් නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට අපට නම් කිසිදු සැකයක් නැත. ඒ තුළ මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන අතර රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇත.

එම නිසා 2003 දී ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ යටතේ ඉදිරිපත් කළ විදුලිය පුද්ගලීකරණය කිරීමේ පනත ජනාධිපතිවරයාගේ උවමනාවට නැවත ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඊට අනුමැතිය ලබාදීම සඳහා ජනවරමක් ලැබී නැති බව සඳහන් කරන අතර වහාම පනත හකුළා ගන්නා ලෙස දන්වා සිටිමි.

ස්තූතියි.

මෙයට – විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.),

නායක,

ජාතික නිදහස් පෙරමුණ,

2023-12-31

පිටපත්:- 1. ගරු කථානායකතුමා

2. ගරු අග්‍රාමාත්‍යතුමා

3. ගරු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා

4. සියලු ජනමාධ්‍ය”

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හරින කතා බොරු! හෙට හෝ 10 වැනිදා පාර්ලිමේන්තුව වාරාවසාන කරන්න සූදානම්? I Sri Lanka Latest News

Next Post

මාලඹේ දිවිනසා ගත් එකම පවුලේ පස්දෙනාගෙන් මාර කතාවක් එළියට එයි! සැමියා දේශකයෙක් විදිහට වැඩ කරලා! දේශනා අහපු 7 දෙනෙක්ම පහුගිය කාලයේ එකම විදිහට දිවි නසාගෙන! සරසවි සිසුවියක් හා ඇගේ පෙම්වතාත් ඒ අතර! දේශනා කළේ සහරාන් පන්නයේ අන්තවාදී ආගමික මතයක්ද? පොලිසිය විමර්ශන අරඹයි!  I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.