අධික වර්ෂාව සමග රත්නපුර නගරය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
ඊයේ දිනයේ රත්නපුර ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාවෙන් කළු ගග පිටාර ගැලීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.
මේ අතර, අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබේ. ඒ හේතුවෙන්, බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින වැසි සමග ඉදිරි පැය 24 තුළ කැලණි, ගිං, නිල්වලා ගංගා ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.










