වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජාතික වනෝද්‍යාන වෙත ප්‍රවේශවීමේ ගාස්තු දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බව වාර්තා වේ.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව නිකුත් කර ඇති මෙම නියෝගය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
එක් පුද්ගලයෙකු සඳහා පෙර පැවති ගාස්තුව රු.9,688 වූ අතර එම මුදල මේ වනවිට රු.14,920 දක්වා වැඩි කර ඇත. එය රු.5,232ක වැඩිවීමකි.
මේ සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තකරුවන් පෙන්වා දුන්නේ උද්‍යානවල මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැතිව තිබියදී මෙවැනි මුදලක් අයකරගැනීම අනුමත කළ නොහැකි බවකි.
පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සංචාරකයින් 37,760ක් පැමිණ ඇති අතර අගෝස්තු මස සංචාරක පැමිණීම්වලින් සියයට 649.2ක වර්ධනයකි. මේ වන විට අගෝස්තු මස අවසන් වන විට සංචාරකයන් 496,430ක් පැමිණ ඇත.