දැනට ක්‍රියාත්මකවන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසනවා.Sri Lanka Latest News
මේ හේතුවෙන් ලබන වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 10,000කට වැඩි පිරිසක් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.
මෙම වසර අවසානයේ සහ ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙල්ඩින් ශිල්පීන් සහ විදුලි කාර්මිකයන් වැනි දක්ෂ වෘත්තිකයන් සොයා ගැනීම මේ වන විටත් දුෂ්කර වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඉන්දියාව සහ පකිස්ථානය වැනි කලාපීය රටවල් පවා අභිබවා යමින් ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.










