• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් වැලිකඩ ඉඳන් ලියුමක් ලියයි!

December 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රන්ජන් වැලිකඩ ඉඳන් ලියුමක් ලියයි!
Share on WhatsAppShare on Facebook

දෙසැම්බර් 21 වන දින වැලිකඩ බන්ධනාගාරයේ දී.

මාගේ ජනතාවනි,

ගොඩ දවසකින් මට මෙහෙම ලියන්න හම්බවුණේ නැහැ. මම දන්නවා ඔයගොල්ලෝ මං පණිවිඩයක් එවනකන් බලාගෙන හිටපු බව. එවපු පණිවිඩ ආසාවෙන් කියවපු බවත් දන්නවා. ඉතින් මේක තමයි මගේ ජිවිතේ.

කරන්න හිතන් ඉන්න වැඩ එහෙම ලේසියෙන් කරන්න පුළුවන් තත්වයක නෙවෙයිනේ මං ඉන්නේ. ඉතින් මට වෙලාවක් නිදහසක් ලැබිච්ච වෙලාවෙම ඔයගොල්ලොන්ට ලියන්න හිතුවා.

හෙට අනිද්දා නත්තල් නේද? මම ඇතුලේ ඉන්න නිසා දින වකවානු ගැන මට ලොකුවට දැනෙන්නේ නැහැ. දවස් යනවා තේරෙන්නෙත් නෑ. මොකද මට එළියේ ඉන්නවා වගේ රාජකාරි නැහැනේ.

ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පහුගිය ටිකේ මට වෙච්ච දේවල්. දනිස්සේ ප්‍රශ්නයක් ආවා. උරහිසේ ප්‍රශ්නයක් ආවා. කෝවිඩ් හැදුනා. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දි මට එහෙමට ප්‍රශ්නයක් නෑ. මං තාම ඉන්නේ බන්ධනාගාර රෝහලේ. දණහිසෙන් ආපු වේදනාවල් උරහිසෙන් ආපු වේදනාවල් නිසාම මට ලොකු කාලයක් රෝහලේ ඉන්න වෙයි. දොස්තර මහත්වරු මට සෑහෙන්න උදවු කළා මේ තත්ත්වයෙන් ගොඩ එන්න.

මට නත්තල් කිට්ටුයි කියලා දැනුනේ වෙන මොකවත් හින්දා නෙවෙයි. රෑට ටිකක් වැඩිපුර සීතල දැනුනු නිසා. කකුලත් ලොකුවට හොලවන්න බෑ. සීතලත් එක්ක වේදනාවත් එනවා. පොරෝනයත් ඝනකම් නැති නිසා නත්තල් කාලේ කියන එක මට ඇඟටම දැනුනා. මට අතීතේ මතක් වුනා…පල්ලංසේනේ හිටපු කාලේ නත්තල් රැයවල් ටික මට එක දිගට මතක් වුණා. ඇත්තටම මාර සතුටු හිතුනු කාලයක් මේ නත්තල් කියන්නේ. ඊට පස්සේ කවදත් මම නත්තල් සැමරුවේ තනියෙන් නෙවෙයි..එකට.මට නත්තල එක්ක දැනුනේ සීතල විතරක් නෙවෙයි. මාර නිදහසක්.

ඒත් මිනිස්සුන්ට මේ වතාවේ ගොඩක් අමාරුයි නේද? කන්නත් නෑ බොන්නත් නෑ කියලයි මට ආරංචි වුනේ.. මිනිස්සු කොහොම මේවා දරන් ඉන්නවද කියලා මට තේරෙන්නේ නෑ. ජයට නත්තල් කාපු මිනිස්සු කොහොම මේ පාර නත්තල් සමරනවද කියලත් මට තේරෙන්නේ නෑ.

ජේසු ස්වාමිදරුවෝ ආදරය, කරුණාව බෙදලා මිනිස්සු සුවපත් කළා. අද වගේ කාලේකත් මිනිස්සුන්ට ආදරය කරුණාව උවමනායි කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න. දරුවෝ බඩගින්නේ නම් දෙමවුපියෝ හිතෙන හිතෙන දේ කරයි. ඒ මිනිස්සු නොමඟට පවා යයි..

ඉතින් මේක කියවන මගේ මචංලා. මේ කාලේ අමාරුයි තමයි. ඒත් අර අසරණ මිනිස්සු දිහා නොබලා ඉන්න එපා. තියෙන පොඩ්ඩ හරි බෙදාගෙන මේ අමාරු කාලේ කොහොමහරි ගෙවාගමු. පොඩි එවුන්ව බඩගින්නෙ තියන්න එපා මේ නත්තලේ. ජේසු ස්වාමිදරුවෝ වගේ පුළුවන් විදිහට අපි අපේ කරුණාව බෙදමු. කොහොමහරි දුප්පත් මිනිහගේ ගෙදර බත් හට්ටියක් ඉදවමු.

මේ දේ මං වෙනුවෙන් කරන්න පුළු පුළුවන් අය. මගේ නිදහස ගැනත් ගොඩක් දෙනා වැඩ කරන බව ආරංචියි. ඒකටත් උඹලට බොහොම ස්තූතියි.

මේ අමාරු කාලේ පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න.

ඊළඟ නත්තල අපිට බය නැතුව එළියට බැහැලා සමරන්න පුළුවන් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

මීට,ඔබ සැමගේ සහෝදරයා,

රන්ජන් රාමනායක.

SendShareShare
Previous Post

වතුරෙන් ආපු සුනාමියක් සහ මලකින් ආපු සුනාමියක් රටට කරපු විනාසය! (VIDEO & PHOTOS)

Next Post

දැන් සියලු නඩු නිදොස් කොට නිදහස්! බලය ආයෙ කීපදෙනෙක් අතට ගිහින්! දැන් IMF ගියත් දැඩි කොන්දේසි දාන්නේ ඒකයි! මෛත්‍රිපාල ආයෙත් පොටකට ලෑස්ති වෙයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.