හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ රාත්‍රියේදී අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියද ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ඒ මහතා නවතාගෙන ඇති බව වාර්තා වේ.
ඒ, ඒ මහතාගේ විදෙස් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කිරීම අදාළ අංශ වෙතින් ආගමන විගමන බලධාරීන් දැනුවත් කොට නොතිබීමය.
ඒ අනුව රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කොට තිබේ.
රාමනායක මහතා ඊයේ දින ඩුබායි හරහා අමෙරිකාව බලා පිටත්ව යාමට සැලසුම් කොට තිබිණ.










