• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් උඹ අද හිටියනම්…

June 20, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
රන්ජන් උඹ අද හිටියනම්…
Share on WhatsAppShare on Facebook

“පොඩ්ඩක් නවත්තපං…” වී 8 එකේ ඉස්සරහ සීට් එකේ සිටි ලොක්කා “රථාචාර්යයාට” කීවේය. (අප වාහනයේ රියැදුරා ඇමතුවේත් හැඳින්වූවේත් එනමිනි). මරදාන පාර දිගේ සියයට එකසිය දහයට ආ වාහනය බොරැල්ල හන්දියෙන් බත්තරමුල්ල පැත්තට හරවා බස් නැවැතුම්පොළ පසුකර රිට්ස් (සිනමා හල) එක ළඟ වංගුව ගත්තා පමණි. වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී එකට ආසන්නනව තිබුණේය. පිටුපස අසුනේ මැදින් මේ ලියුම්කරුය. වම් පැත්තේ සිවිල් පිට උපපොලිස් පරීක්‍ෂක ජයතිස්සය. දකුණේ සෙනරත් බණ්ඩාරය. ආවේගයෙන්ම එකපාරටම බ්‍රේක් ඇල්ලූ නිසා මම වහාම ඉස්සරහ සීට් එකේ ඇන්ද අල්ලා “හොම්බ” (හොස්ස) බේරාගත්තෙමි. අප කොහේ හෝ (මට මතක හැටියට ගාල්ල පැත්තේ) උත්සවයකට ගොස් ආපසු එමින් සිටියෙමු.

“පොඩ්ඩක් රිවර්ස් කරපං” රථාචාර්යයා කීවාක්ම කෙළේය. වාහනය මඳක් වේගයෙන් පසුපසට ඇදෙන විට රිට්ස් එක කෙළවර ගොඩනැගිල්ල අසලින් අඳුරු සෙවණැලි තුනක් ඉදිරියට පැන එන්නට විය. දෙකක් ඉදිරියෙනි. අනික අඩි දෙක තුනක් පිටුපසිනි. ඒ නිශා කුමරියන් තුන්දෙනෙකි.
“රන්ජයියා” ඉන් එකියක් කීවාය.

ඉදිරි අසුනේ සිටි සමාජ සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක කිසි කතාවක් බහක් නැතිවම ඉදිරි කබියේ (කැබිහෝල්) තිබූ මුදල් පසුම්බිය ගෙන ඉන් රුපියල් පන් දහසේ කොළ තුනක් ඇද ඒ සෙවණැලි තුනට දුන්නේය.

“පව්, දුප්පත්කම තමයි මුල” වාහනය ඉදිරියට ඉගිළුණේය.

“හා”කියන්නටත් “හුම්” කියන්නටත් බැරුව සිටි මම බණ්ඩාර මහත්තයාගේ (රන්ජන් රාමනායකගේ පෞද්ගලික ලේකම්) මුහුණ බැලුවෙමි.

“ලොක්කගෙ හැටි ඔහොම තමයි, පස්සෙ තවත් දේ දකින්න ලැබෙයි.” ඔහු කීවේය.

ඒ, මා රාජ්‍ය අමාත්‍ය කාර්යමණ්ඩලයට බැඳී රාත්‍රියක ඔහු සමග රාජකාරියක යෙදුණු පළමු දවසේ ලද අත්දැකීමය. දූෂණ වංචාවලට එරෙහිව දැඩිව ක්‍රියාකරන ඔහුට ඒ කටයුතු කිරීම සඳහා පළපුරුදු (මාධ්‍යවේදී) නිලධාරියකු සොයද්දී මේ ලියුම්කරුට ඒ අවස්ථාව ලැබිණි. අමාත්‍යාංශයට අමතරව කාර්යාලය තිබුණේ මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසේ පහළ මහලේය. ඒ කොටස (පහළ මහල) බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයකි. වරෙක රැස්වීම් ශාලාවකි. තවත් වරෙක මාධ්‍ය සමුළු පැවැත්වෙන්නකි. නැතහොත් ප්‍රිය සම්භාෂණ උදෙසා වෙන්වූවකි.

“ඔයා ආපු එක හොඳයි. මම මේ බලාන හිටියෙ. ඔයා ගැන විස්තර ඔක්කොම මම දන්නව. පස්සෙ කතා කරමු. මට හෙට පාර්ලිමේන්තුවෙ කතාවක් තියෙනව. මෙන්න මේ පේපර්ස්වල විස්තර තියෙනව. මට මේක සිංහලට පරිවර්තනය කරල ඕනෑ දෙකෙන් ඉස්සර. දැන් නවය හමාරයි. මට දහයට කෙනෙක් හම්බ වෙන්න තියෙනව. මම එනකොට fදාළහ විතර වෙනව” ඔහු කොළ ගොන්නක් මට දී කියාගෙන කියාගෙන ගියේය.

මම සියල්ල අසා සිට හිස වැනුවෙමි.

“මේ මහත්තය ඉල්ලන දෙයක් දෙන්න ඕනෑ. සේරටම ඉස්සර කන්න දේකුත් එක්ක තේ එකක් දෙන්න ඕනෑ” කී හෙතෙම වාහනයට නැගී “ඍද්ධි” වූවේය.

මා ඉංගිරිසි කොළ ගොඩ කියවන අතරතුරේ මේසය උඩට ආ බනිස් ගෙඩියත් කෙසෙල් ගෙඩියකුත් කා තේ උගුරක් දෙකක් බීවෙමි. මම උඩ ගියෙමි. fදාළහට විතර එනවා යැයි කී මිනිහා විනාඩි පහළොවක් යන්නට පෙර ඇවිදින් මගේ මේසේ අනෙක් පැත්තේ ඉඳගෙන.

මම නැගිට්ටෙමි. “නෑ නෑ ඉඳගන්න” යැයි කී රන්ජන් ඇමැතිවරයා” වැඩේ අමාරු නෑ නේ” යැයි කියා “මේ තේ එක ඔයාගෙද ? බීවද? යැයි ඇසුවේය.

මම “ඔව්” යැයි කීවෙමි.

“මම උගුරක් බොන්නදැයි?” අසමින් පීරිසියත් කෝප්පයත් අතට ගෙන උගුරු දෙක තුනක් බීවේය. මගේ ඇස් උඩ ගියේය. දේශපාලකයකු වුවත් “සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ රාමනායක” නමැති මේ මානව හිතවාදියාට බලධාරීන් විසින් 2021.01.12 වැනිදා සිට සිවු වසරකට ජම්පරය අන්දවනු ලබන තුරුම ඔහු සමීපයේ සිටි මේ ලියුම්කරු අත්දුටු දහසකුත් එකක් සිද්ධීන් අතුරින් පළමුවෙන්ම අත්දුටු මේ සිද්ධීන් දෙක සඳහන් කෙළේ වෙනත් කිසිදු දේශපාලනඥයකු ළඟ මේ දක්වාම නුදුටු මනුස්සකමත් නිහතමානීකමත් ගැන කීමටය. (කෙටියෙන් මනුස්සකම සහ නිහතමානීකම යන දෙපදය ඔහු කෙරෙහි සඳහන් කළද එහි සමාගත (ගැබ්වූ) හැඟීම් සමුදාය විස්තර කිරීමට අටුවා, ටීකා, ටිප්පණි, චූර්ණිකා, ගැටපද, සන්නස් කොතෙක් ලිවිය යුතු දැයි කිව නොහැකිය.

මහජන නියෝජිතයන් යැයි කියාගන්නා නඩය පාර්ලිමේන්තුවෙන් ගෙවන පැමිණීමේ දීමනා ගත්තත් මේ මනුස්සයා ගත්තේ නැත. මහජන මුදල් එසේ ගැනීම අපරාධයක් වශයෙන් සලකා රටටත් ආදර්ශයක් වියයුතු යැයි කීවේය.

“ඔයා නොගත්තත් කවුරු හරි ඕක ගසාකනවා” යැයි හෙක්ටර් අප්පුහාමි මහතා කීයෙන් ගතවූ කාලයට ඔහුට හිමිව තිබූ රුපියල් ලක්‍ෂ හතළිහක් ගෙන “මේවා මහජනයාගෙ සල්ලි මට අයිති නෑ” කියමින් බෙදා දුන්නේය.

සෑම බදාදා දිනෙකම උදැසන ඔහු හමුවීමට අමාත්‍යාංශයේ පෝලිමකි. ඒ එන සෑම කෙනෙතුටම (සාමාන්‍ය කෙනකුට) බස් ගාස්තුව සහ කෑම බීම වියදම වශයෙන් රුපියල් 2000-5000 අතර ගණනක් නොවැරදීම දෙන්නේය. කිසියම් කෙනකු තම දරුවන්ට කෑමබීම දෙන්නට හැටියක් නැතැයි කී විට ඔහුට නිරන්තරයෙන්ම “අය්යෝ” යැයි කියැවිණි.

“මල්ලි මුන් හම්බකරනවා විතරයි, පුළුවන් තරම් හොරකම් කරනවා. මහින්ද උන්නැහැ මතක නැද්ද සුනාමි ආධාර වශයෙන් ලැබුණු කෝටි 300ක් හාරාගත්තා කියන කතාව. සරත් එන්. ද සිල්වා අගවිනිසුරුතුමා කීවා මෙයා බේරපු එක ගැන තවමන් පසුතැවෙනවා කියලා. මුන් දෙගොල්ලොම හොරු මල්ලී, රනිල් මහින්දල රකිනවා, මහින්දලා රනිල් රකිනවා. මහින්දලා අධිවේගී මාර්වලින් මත්තලින්, පෝර්ට් සිටියෙන් ගහපුවා අල්ලනවා කියල රනිල් කීවට කෝ ඇල්ලුවද? නෑනෙ. දැන් රනිල්ට වලිගෙ පෑගිලා. අගමැතිකම ගන්න ඉස්සර සල්ලි අච්චු ගහනව කියල ආණ්ඩුවට චෝදනා කරපු රනිල් දැන් ටි්‍රලියනයක් (කෝටි දාහක්) අච්චු ගහන්න යනවලු. රනිල්ලගෙ අර්ජුන්ලගෙ බැඳුම්කර වංචාව අල්ලනව කියල මහින්දල කීවා කෝ ඇල්ලුවද? නෑනෙ” තමන් හමුවීමට පැමිණි පිරිස සමග ඔහු පිළිසඳරේ යෙදෙමින් එසේ කියන්නේය. ඔහු කටක් ඇරියා නම් කතා කළේ ආණ්ඩුවේ හොර නඩය කරන මගඩි ගැනය.

යම් හෙයකින් රන්ජා අද එළියේ සිටියේ නම් නොවැරදීම පොහොර ප්‍රශ්නයේදී ගොවි උද්ඝෝෂණයේ මුලින්ම සිටින්නේ ඔහුය. ඉන්ධන හිඟය ගැන, ගෑස් හිඟය ගැන මිනිසුන්ට කෑම නැතිකම ගැන ඔහු කියනවා නම් කියන්නේ මේ ටික බව මට සියයට සියයක්ම සහතිකය. කටේ දිවේ නොගෑවෙන අන්දමට රන්ජා නොහොත් වන්ෂොට් මෙසේ කියනු ඇත.

“විලිලැජ්ජාව කියල එකක් මේ අයට ගෑවිලාවත් නෑ. නැත්නම් ගොවි මහත්තුරු කියන කරන දේට පඹයො පුච්චන හැටියට, පඹයන්ට ගහන හැටියට විලිලැජ්ජාවක් කියල දෙයක් බින්දුවක් හරි ඉතුරුවෙලා තියෙනවනම්, තවත් එක මොහොතක් වත් ඉන්නෙ නෑ. කෘෂිකර්මය ගැන දන්න රටේ විද්වත්තු කියන දෙයක් ගණන් ගන්නෙ නැතුව කිසි දවසකවත් කුඹුරකට බහිනවා තියා කුඹුරක් දැකලවත් නැති මෝඩයො කියන දේවල් කරන්න ගියාම ඕක තමයි වෙන්නෙ. මේ අය වටේ ඉන්නෙත් හොරු, උපදෙස් දෙන්නෙත් හොරු, පී.බී. ජයසුන්දරට රජයේ කිසිම නිලයක් දරන්න බෑ. මිනිහට රුපියල් පන් ලක්‍ෂයක දඩයක් ගහල තියෙනවා. කබ්රාල් ග්‍රීසියෙ ආයෝජනය කළ කෝටි ගානකට වෙච්ච දෙයක් නෑ. මේවා කියන්න මම බය නෑ මල්ලි. රැල්ලට බය නම් මල්ලි වන්ෂොට් වැල්ලට බහින්නෙ නෑ මල්ලි…”

“අරගලේ කොල්ලො ටික බිහිවෙන්න තිබුණෙ තව ටිකක් ඉස්සර මල්ලි. නීිතිඥ මහත්වරු අදහන්න ඕනෙ. මොන ජාතියෙ අන්තර් පාලන ආණ්ඩුවක් ආවත් මමයි අගමැති කියාපු උද්දච්ච මානසික ලෙඩා දිව්වෙ පැදුරටවත් නොකියා. ගිහින් හැංගුණේ ත්‍රිකුණාමලේ නේවි කඳවුරේ.

ඩොලර් පහළොස් කෝටියකට මාලිගාවක් ගන්න ගිහින් තියෙනව. ඒවා ලඝුකොට සලකන්න බැරි දේවල්. අලුත්ම නිවුස් එක මොළ හතේ කාක්කා ගියා කියන එකයි. ගෝල්ෆේස් කොල්ලො ටික අදහන්න ඕනෑ. ඔය ඔක්කොම පෙරළිය වුණේ ඒ අයගෙ වැඩකිඩ නිසයි. ඔය වාගෙ දෙයක් අහල තියෙන්නෙ මහත්මා ගාන්ධිගෙ චරිතෙ. මේක ඊට වැඩිය උත්කෘෂ්ටයි. කැබිනට් එක අස්වුණා නෙමෙයි පැන්නුවා. දෛවයේ සරදම් කියන්නේ මහ බැංකුව කැඩුව කියපු මිස්ට ක්ලීන් ලව්වා තමන්ගෙ පණ ගැට ගහගන්න, දෙපා නැමදලා අගමැතිකම භාරදුන්න. එස්.එෆ්. (සරත් ෆොන්සේකා) ළඟත් ගෝඨා දණ ගැහුවා. ඕකට අලි හොරකම් කරපු පාපෙත් බලපාන්න ඇති. මැයි 09 වැනිදා අගමැති අයියා පැන්නා. ජූනි නම 09 වැනිදා මුදල් ඇමැතිවී හිටිය මල්ලි පැන්නා. ජූලි හතයි කියාගෙන අනිත් මල්ලිත් පනියිද දන්නෙ නෑ.”

“මහජන මුදල් කෝටි ගණන් ගසාකාලා අල්පේශාඛ්‍ය මහේශාක්‍ය මහාරාජවරු විදිහට ජීවත්වෙච්ච අපේ අයියල ටික දෙනකුට හොඳටම සබ්බුව හම්බවුණා. දේපොළ හානි කිරීම මම අනුමත කරන්නෙ නෑ. ඒත් මේ ටික කිව යුතුයි. ඔය මහා මන්දිර, වතුපිටි, යානවාහන, අයිතිකාරයො දේශපාලනේට ආවට පස්සෙ අවුරුද්දෙන් දෙකෙන් කොල්ලකාගත් මහජන දේපොළ, පුෂ් බයිසිකලේ ගිය උන්, පොලිසිය පනින කොට කසිප්පු බූලිය කරේ තියාන දුවපු උන්, කෝච්චියෙ මාල කඩාපු උන් තමයි ඔය වාගෙ ආරල ආවෙ. උන්ට තමයි අං ආවෙ. තරුණයො ඕවා රුස්සන්නෙ නෑ. මුන් මේ “ඩැහැගෙන” තියෙන්නෙ අපේ දේපොළ නේද කියල ඒ අය දන්නව. ඒක තමයි දෑත බදල සබ්බුව දුන්නෙ.”

“වගා හානිවලට වන්දි දෙනව කියල ගොවියාට කෙහෙළිය රඹුක්වැල්ල කීවත් ඊට පස්සෙ කිසිම හාහූවක් නෑ. ඒත් සිද්ධවෙච්ච අලාභ හානිවලට වන්දි දෙන්න තීරණය කරලලු. කරන්න තියෙන්නෙ විනාශ වෙච්ච දේපොළ (වත්කම්) උපයාගත්තෙ කොහොමද කියන එකයි, ඒවට ආදායම් බදු ගෙවල තියෙනවද කියන එකයි හොයන එක. මුන් රට කෑවා. දැන් ඩීසල් පෙට්‍රල් නෑ. කෑගල්ලෙ මගෙ යාළුවෙක්ගෙ ආච්චි මැරුණා වයස අවුරුදු අසූ තුනයි. ඒ අම්මගෙ මිනිය ආදාහනය කරගන්න කෑගල්ල, අරනායක, මාවනැල්ල ගලිගමුව, පොල්ගහවෙල හැම ප්‍රාදේශීය සභාවකටම කතාකරල බැලුවත් ආදාහනාගාරවල ගෑස් තිබිල නෑ. පස්සෙ දරවලින් ආදාහනය කරල තියෙනව. දැන් මිනී එම්බාම් කරන්න පෝමලිනුත් නැතිලු. දැන් වාහනවලට ඉන්ධන නෑ. ඉන්ධන වැඩිපුර තියාගත්තොත් අල්ලනව. ඒ වුණාට චමල් රාජපක්‍ෂ ළඟ, මහීපාල හේරත්ගෙ ගබඩාවක යූරියා මිටි හාරසිය ගානෙ තිබුණලු. ජොන්ස්ටන්ගෙ ස්කාගාරෙ ගෑස් සිලින්ඩර් අසූවක් තිබුණලු. අල්ලනවද මල්ලි…? අල්ලන්නෙ කොහෙද මල්ලි, කොමිසමේ ඉන්නෙ හරියට නඩුවක්වත් දාගන්න බැරි නීතිඥ මහත්තුරු. රාජපක්‍ෂල ඇතුළු නඩේට තිබුණු නඩු අසූපහක්ම ඉල්ලා අස්කරගෙන. නීතිඥ සංගමය මහජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම ඒ ටික කරන්න ආධාර උපකාර කරන එකයි….”

“පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වෙච්ච අය ගැන පකිස්තානෙ ඉම්රාන් ඛාන් වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළා. අපේ උදවිය ගැන වාතයක් ගියා විතරවත් නෑ. රටේ යුතුකම මුන් හොරාකාල පිටරට බැංකුවල දාගෙන තියෙන මහජන මුදල් අයකර ගන්න එක. අර ගුවන් යානයකට යන්න දෙන්නෙ නැතුව රුසියාවත් තරහ කරගත්ත.” “අපේ සිරිසේන ලොක්කා ජනාධිපති කාලෙ මහ ලොක්කා වාගෙ රුසියාවෙන් ඇස්බැස්ටෝස් ගෙන්නන එක නැවැත්තුවා. රුසියාව ඒත් එක්කම අපේ තේකොළ ටික ගන්න එක පටස්ගාලා නැවැත්තුවා. ඊට පස්සෙ සිරිසේන ලොක්ක පයාගල යන පුංචි මහත්තය වාගෙ රිවර්ස් ගියර් එකට දාගත්ත. මල්ලි ඕවා පාඩමකට ගන්න ඕනෑ. ඔළුවයි බඩයි තිබ්බට මදි. අක්මාව තියෙන්නත් ඕනෙ.”

“ජ්‍යොතිෂයෙ එක එක ලග්නවලට සයින්ස් (signs-ලකුණු) දීලා තියෙන්නෙ ඉසිවරයො. ඒ ලග්නෙ හිමි අයට ඒ සයින්ස්වල ගති ලක්‍ෂණ තියනවා. දැන් වෘශ්චික ලග්නකාරයාගෙ සයින් එක ගෝනුස්සා. ගෝනුස්සා ඉස්සරහ අඬුවලින් ආදරේට වාගෙ අල්ලගෙන ඉන්නවා. පස්සෙ තියෙන කටුව උඩින් නමල ගහනකල් දන්නෙම නෑ…” “ඒ වාගෙ තමයි තමිල්නාඩුවෙ මහ ඇමැති ඇම්.කේ. ස්ටාලින්. හිඟන්නන්ගෙන් හිඟමන් එකතු කරලා අපට එව්වා. තේ කඩකාරයො පිං කැට එකතු කරල එව්වා. තව මානුෂීය ආධාරත් එව්වා. අපේ ලොක්කො ටයි කෝට් සුට් බූට් දාගෙන ගිහින් හතර ගාතෙන් වැඳ වැටිලා මහත් උජාරුවෙන් ඒවා ගත්ත. මල්ලි උන් ඒවා එහෙම අපට එව්වෙ ජාත්‍යන්තරයට පේන්න. අපට පල් එකට. ආඩම්බරකාර තාත්තට පේන්න…” “අපේ හරක් හිතුවෙ මේව අපට අනුකම්පාවෙන් එවනව කියල. දැන් කච්චතිව් දූපත පැහැර ගන්න දඟලනවා. තව ටික දවසක් යනකොට “එඬරු තෙල් ටිකක් නැහැමිං (වැඩිපුර) පස්ස පැත්තෙ ගාගෙන වරෙල්ල කියන්නත් බැරිකමක් නෑ. මේ අයගෙ මොළේ කොහෙ තියෙන්නෙ කියලා අර්ශස් රෝග විශේෂඥයකු ලවා පරීක්‍ෂා කරවන්න ඕනෑ….”



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රාජපක්ෂලා හොරකම් කළේ නෑ! සල්ලි නාස්ති කළා විතරයි! දුමින්ද සිල්වා පව්! මම ඇමැතිකම ගත්තේ ‘ඔව්-නෑ’ කියලා තුණ්ඩු දෙකක් දාලා! රාජපක්ෂලාගෙන් ඇමැතිකමක් ගත් හරීන් 90%ක් වෙනස් වුණු හැටි! (VIDEO)

Next Post

අනුර යාපා, චන්දිම වීරක්කොඩි, සිවිල් සංවිධාන රැසක් සමග සජිත් එකට වාඩිවෙයි! සර්වපාක්ෂික ආණ්ඩු ගැන, රට ගොඩගන්න හැටි ගැන මුහුණට මුහුණ සාකච්ඡා කරයි! (VIDEO)

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.