හුණුවටයේ කතාවේ ගෲෂාගේ චරිතයට පණ පොවමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් එතෙරට ගොස්, රටේ දුක් විඳින ජනතාව මහා ප්‍රපාතයකට හෙළා ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අයවැය වාර්තාවක් ලෙසින් නිෂ්ඵල ලේඛනයක් රට හමුවේ තැබූ වික්‍රමසිංහ මහතා රටම රවටා ඇති බවයි.








