හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සදහා පසුගිය දිනෙක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම අවස්ථාවට ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතාද එක්ව සිටීමය.
පාතාල කල්ලි නායක ‘හරක් කටා’ සම්බන්ධ සිද්ධියට අදාළව මෙහිදී සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් ‘ද ලීඩර්’ වෙබ් අඩවිය සදහන් කොට ඇත්තේ රඳවා ගැනීමේ නියෝග (Detention Orders) නිකුත් කිරීමේ පූර්ණ බලය පවතින්නේ ආරක්ෂක අමාත්‍යවරයා සතුව මිස ජනාධිපති කාර්යාලය සතුව නොවන බව රනිල් වික්‍රමසිංහ මෙහිදී සිහිපත් කර ඇති බවකි.
මෙම හමුවට පසුව, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් ද විජයදාස රාජපක්ෂ ගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගොස් ඇති බවක් දැනගන්නට ඇත.











