• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද නුවරඑළියේ ගිය රනිල් අඹේවෙලත් බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

April 20, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.

අද පෙරවරුවේ අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.

අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.
එමෙන්ම ගොවිපොළ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

එම කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මේ අතර සති අන්තයේ ගොවිපොළ නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

1940 දශකයේදි ආරම්භ කෙරුණු අඹේවෙල ගොවිපොළ 2001 වසරේ පෞද්ගලීකරණයට ලක් කෙරුණු අතර ඉන් පසු සිදු කෙරුණු පුළුල් නවීකරණය හේතුවෙන් මේ වන විට එය කිරි නිෂ්පාදන සහ ගොවිපොළ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත්ව ඇති බව අඹේවෙල ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
ගොවිපොළේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ සිටම ලබාදෙන සහාය මෙහිදී අගය කළ ඒ මහතා ජනාධිපතිවරයා නිරතුරුවම ගොවිපොළේ කටයුතු සොයා බැලීමට පැමිණීම පිළිබඳවද ස්තූතිය පිරිනැමීය.
2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා ගොවිපොළ වෙත පැමිණෙන විට එහි දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 40,000ක් පමණ වූ බවත්, පසුව ක්‍රියාත්මක කළ නවීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසර වන විට කිරි ලීටර් 52,000ක දෛනික නිෂ්පාදනයක් සිදු කෙරෙන බවත් එය 30%ක වර්ධනයක් බවත් සරත් බණ්ඩාර මහතා පැවසීය.

ක්‍රමානුකූලව කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගනිමින් වසරකට කිරි ලීටර් මිලියන 20ක් නිෂ්පාදනය කිරීමට ගොවිපොළ සමූහය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කිරි ගවයන් සඳහා වන ඉහළ ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ප්‍රභේද මෙරටදීම නිර්මාණය කිරීමට අඹේවෙල සමූහය මේ වන විට සමත්ව ඇති අතර එම කිරි ගවයන් නඩත්තු කිරීම, අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම, රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවා හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යාන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.
එසේම පසුගිය සංචාරයේ දී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මේ වන විට ගොවිපොළ විවෘත කර ඇති බවත්, තවත් එක් ගොවිපොළක් ආදර්ශ ගොවිපොළක් ලෙස මහජනතාවට විවෘත කර ඇති අතර ගොවි ජනතාව, ගොවි සංගම් නියෝජිතයන් ඇතුළු ඕනැම අයෙකුට එහි පැමිණ ආදර්ශ ගොවිපොළක අත්දැකීම් ලබා ගත හැකි බවත් සරත් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ මේ වන විට රට තුළ ඇතිව තිබෙන ආර්ථක ස්ථාවරත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ ගොස් ඇති බවත්, දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව අඹේවෙල කිරි ගොවිපොළ නැරඹීමට පැමිණෙන බවත් පෙන්වා දුන් සරත් බණ්ඩාර මහතා වසර කිහිපයකින් පසුව එක් දිනක සංචාරකයන් වැඩිම පිරිසකගේ පැමිණීම වන සංචාරකයන් 9,000කගේ පැමිණීම මෙම වසරේ දිනක සනිටුහන් කෙරුණු බවත් සඳහන් කළේය.
ගොවිපොළ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මෙම වසරේදී ක්‍රියාවට නංවා තිබෙන බවත් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් සරත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-04-20

SendShareShare
Previous Post

සජබ මැයි රැලියට ආණ්ඩුව බය වෙයි! ගිය සැරේ ටක් ගාලා ජවිපෙට දුන්න තැන මේ සැරේ සජබෙ ඉල්ලුවාම දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු බෝම්බ ප්‍රහාරයන්ගෙන් මියගිය ජනතාවගේ පස්වස් සැමරීම අද සිටම ඇරඹේ! ලෙයින් තෙමුණු කොච්චිකඩේ පල්ලියේ සිට මීගමුව කටුවපිටිය පල්ලිය දක්වා දහස් ගණනින් ජනතාව දැවැන්ත පාගමනක් ආරම්භ කරයි! ‌බෝම්බය පිපිරුණු උදේ 8.45ට සියලුම දේවස්ථානවල සීනු නාද වෙයි! පසුව විනාඩි 2ක නිශ්ශබ්දතාවක්! සවස කටුවපිටියේ සාධාරණය ඉල්ලා යාඥාවේ පාගමනක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.