ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.
ADVERTISEMENT
සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
“අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි”යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට යැවූ ලිපියේ සඳහන් වේ.