පසුගිය දිනවල සිදුවූ ඇතැම් පොලිස් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ සිවිල් ඇදුමින් සැරසී කිසිදු හේතුවක් නොදක්වා අරගලකරුවන් පැහැරගෙන යාම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය නීතිය ඉක්මවා යාමත් බවත්ය.