• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ! මෙන්න හේතුව! මෙන්න ‌වෙන්න යන දේ! I Sri Lanka Latest News

June 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024.06.14 දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

ආණ්ඩුව වහාම ණය ගෙවීම ඇරඹිය යුතුයි

අපට දැන් ඩොලර් බිලියන 5.1ක් සංචිත තිබෙනවා කියලා ආණ්ඩුව ආඩම්බරයෙන් කියන විට ඩොලර් බිලියන 6.4ක් නොගෙවූ කල් පැනපු ණය තිබෙනවා. මේ වන විට අපි ණය ගෙවීම නවත්වලා මාස 26ක් වෙනවා. සෑම මාසයකම වගේ කල් ඉකුත් වුණු ණය කීයකින් හරි ඉහළ යනවා. ආණ්ඩුව තවමත් ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට එළැඹෙන්න අසමත් වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ ගැන කනස්සල්ල පල කරලා තිබෙනවා. මේක කල් මරන්න කල් මරන්න පාඩුව ලංකාවටයි. එක පැත්තකින් කල් ඉකුත් වූ බැඳුම්කර හිමියන් ගණන ඉහළ යනවා. අපට සාකච්ඡා කරන්න ඉන්න බැඳුම්කර හිමියන් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න එකඟතාවයක් හදා ගන්න එක දුෂ්කර වෙනවා. අනිත් පැත්තට අපේ රටේ සංචාරක ඉපැයීම්, විදේශීය ශ්‍රමික සංක්‍රමණ වැඩි වෙන්න වැඩි වෙන්න පොලී කපා හැරීමට ණයහිමියන් එකඟ කර ගන්නා එක අතිශයින්ම දුෂ්කර වෙනවා. අතේ සල්ලි තියා ගෙන ණය ගෙවන්න බෑ කියලා කවුරු හරි කිව්වොත් ඕනෑම ණයහිමියෙකුට කේන්ති යනවා.

ආණ්ඩුව දැන් කළ යුත්තේ කල් ඉකුත් වූ ණය තව දුරටත් වැඩි වීම වලක්වා ගන්න මේ මාසයේ ඉඳන්ම ණය ආපසු ගෙවීම ඇරඹීමයි. ලබන සතියේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ගෙවිය යුතු දිනය එනවා. ඔය තිබෙන ඩොලර් බිලියන සංචිතයෙන් ඒක ගෙවලා දැම්මාම කල් ඉකුත් වූ බැඳුම්කර හිමියන් තව දුරටත් ඉහළ යෑම නවතිනවා. ආණ්ඩුව සිතා මතා ඉදිරියට කල් පිරෙන ණයවත් ආපසු ගෙවීම ආරම්භ කරන්නේ නැත්තේ ඇස් බැන්දුමක් විධියට දැවැන්ත සංචිතයක් පෙන්වලා ඡන්ද කටේ ජනතාව රවටන්න කියලායි අපට හිතෙන්නේ.

රනිල්ගේ උපාය මෙන්න

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් නොවෙනවා නම් දේශපාලන කාර්යාලයක් විවෘත කරයි ද? රැස්වීම් පවත්වමින් රට වටේ යාවි ද? රටට දරා ගන්න බැරි සහන දෙන්න ඉදිරිපත් වේවි ද? කියලා සමහරු අපෙන් අහනවා. ඒ නිසාම රනිල් මැතිතුමාගේ උපාය පැහැදිලි කිරීම අපේ වගකීමක් වෙනවා.

එතුමා දැන් ඉන්නේ අපේක්ෂකයින් අතර තුන්වන තැන. එතැනින් ඉදිරියට යන්න කළ හැකි හැම දෙයක්ම කරනවා. ඉඩම් බෙදනවා. ගෙවල් බෙදනවා. වැටුප් වැඩි කරනවා. සහන ලබා දෙනවා. විපක්ෂයේ මන්ත්‍රිවරු දිනා ගන්න උත්සහ කරනවා. රාජපක්ෂවරු ආණ්ඩුවෙන් යවා ගැනීමට උත්සාහ කරනවා. රනිල් පිල දකින ආකාරයට පොහොට්ටුව හැර ගිය මන්ත්‍රිවරුන්, සජබ මන්ත්‍රිවරුන්, දෙමළ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමට තිබෙන ලොකුම බාධාව තමයි රාජපක්ෂවරුන් සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමත් රනිල් පිලේ ප්‍රධානම උපායක්. හැබැයි රාජපක්ෂවරුත් මේ වෙලාවේ ආණ්ඩුව අත් හැරියොත් තමන්ව විනාශ වන බව දන්නා නිසා රාජපක්ෂවරු හලා ගැනීම ලෙහෙසි වෙන්නේ නෑ.

මේ සේරම කරලා ජූලි මාසයේ සමීක්ෂණයක් කරලා බලනවා දැන් කොතැනද ඉන්නේ කියලා. එතකොටත් ඉන්නේ තුන්වන තැන නම් ඡන්දය ඉල්ලන්නේ නෑ. ලෝක ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය ගත් ජනාධිපති වෙලා හරි ලංකාවේ තුන්වන තැනට තල්ලු වුණු ජනාධිපති වෙලා හරි නරක වාර්තාවක් තියලා දේශපාලනයෙන් සමු ගන්න එතුමා කැමැති වෙන්නේ නෑ.

කෙතරම් උත්සාහ කළත් එතුමාට තුන්වන තැනින් ඉදිරියට එන්න බැරි නිසා තමයි අපි එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා කියන්නේ. හැබැයි එවැනි අවස්ථාවක් නැතිවාම නොවේ. පසුගිය ජනාධිපතිවරණයේ දී වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා යළිත් වතාවක් කට වරද්ද ගන්න පටන් අරන් තිබෙනවා. එතුමා වාචාය සංවරො සාධු කියන බුදු බණ සිහිපත් කර ගත්තේ නැතිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් තුන්වන තැනින් උඩට ඇවිත් දැනට පළමු තැන ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාව තුන්වන තැනට තල්ලු කරන්න අවස්ථාවක් තිබෙනවා.

ප්‍රශ්ණ හා පිලිතුරු

ප්‍රශ්ණය

අයිඑම්එෆ් ණය වාරිකය රජය පාර්ශවයෙන් නම් දකින්නේ ලොකු ජයග්‍රහණයක් විදිහට නේද?

පිලිතුරු

ණයක් ලැබීම උජාරුවෙන් ප්‍රීතියෙන් සමරණ්න දෙයක් නෙවෙයි. හම්බන් තොට වරාය එදා විකුණලා චෙක්පතක් අතට අරන් ඒකත් මහා ඉහලින් සැමරුවා. විකිනීම සහ ණය ගැනීම විනාශයන්ට මුල මිස රටේ සංවර්ධණයට හේතුවක් නෙවෙයි. බුදු දහමේ දේශනාකල සැප හතරෙන් එකක් තමයි ණය නැති වීමේ සැපය. මේ අර්බූදය ඇතිවුනේ රටේ නිෂ්පාදනය වැඩි නොකර ආනයන අපනයන වියදම් අතර පරතරය ණය අරගෙන පියවීම නිසා. අර්බූදයට හේතුවත් ණය ගැනීම නම් අර්බූදයට විසදුමත් ණය ගැනීම වෙන්නේ කොහොමද?

ප්‍රශ්ණය

විශ්‍රාමිකයන් මෙරට දේශපානයට ඈදාගන්නා ප්‍රවණතාවක් පේනවා නේද?

පිලිතුරු

රජයේ ඉහල නිලධාරීන්ට දේශපාලනයේ යෙදෙන්න තහනම්. නමුත් ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ තමන් කැමති දේශපාලන පක්ෂයකට සහය දැක්වීම මේ රටේ සිදු වුනා. 2010 හිටපු හමුධාපතිවරයාත් තනතුරෙන් විශ්‍රාම ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මේක ප්‍රවෘත්තියක් නෙමෙයි. නමුත් ශානි අබේසේකර වැනි විශ්‍රාමික නිලධාරීන් මළිමාවට එක්වීම ප්‍රවෘත්තියක් වෙන්නේ පාස්කුප්‍රහාරයේ ප්‍රධාන චූදිතයන් මෙන්ම විශ්‍රාම ගිය ඉහල පොලිස් නිලධාරීන් පිරිසකුත් තමන් මාලිමාවේ යැයි පවසන නිසයි. පොලීසියත් හොරත් දෙකම මාළිමාවේ වූ විට හොරකම අහුවෙන්න විදිහක් නෑ. පාස්කු ප්‍රහාරය විසදෙන් නැතිවීමට හේතුව එළියට ආවේ මේ පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධියේම මාළිමාවත් එක්ක හිට ගැනීමෙන්.

SendShareShare
Previous Post

ට්‍රැෆික් පොලිසියට දීපු 1600 එකපාරටම 6000ක් කරයි! I Sri Lanka Latest News

Next Post

සජිත් දකුණේ දරුවන්ට විතරක් නෙමෙයි යාපන සංචාරයේදී උතුරේ දරුවන්ටත් බස් රථයක් ලබා දුන්නා! ඒ දුන්නේ 88 වැනි බස් රථය! වටිනාකම ලක්ෂ 50ක්! PHOTOS I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.