• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහ සභාවට රනිල් යයි! බංකොලොත් බවෙන් මිදෙන්න සහාය ඉල්ලයි! Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ මහ සභාවට රනිල් යයි! බංකොලොත් බවෙන් මිදෙන්න සහාය ඉල්ලයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. Sri Lanka Latest News

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 29දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා;

ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කිසිවෙක් කැමති නැහැ. පුද්ගලයන් වශයෙන් ඔබ එයට අකමැති නම් ඔබට සාමුහිකව මෙම ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මම දන්නවා. ඒ නිසා මෙම බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කර ගැනීමට අප සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී අප “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ඉදිරිපත් කළා. දැන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍යයි. එම සම්පත්වලින් අඩක් රාජ්‍ය අංශයෙන් ද අනෙක් කොටස පෞද්ගලික ආයෝජනවලින් ද සපුරා ගැනීම අපේ අපේක්ෂාවයි. එසේ නම් අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප මෙයින් ඉවත් වුවහොත් ලෝක බැංකුවෙන් අපට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක් අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය ද අසාර්ථක වේවි.
ඒ වගේම ප්‍රංශයේ පැරිස් නුවර පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රටවල් ණය බරින් පීඩා විඳින විට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා.
මෙම සමුළුට අපට ආරාධනා කරනු ලැබුවේ මෙම ක්ෂේත්‍රය තුළ අප මෙතෙක් අත්කරගෙන තිබෙන සාර්ථකත්වය සහ ඒ සඳහා ලබාදී ඇති දායක්තවය නිසයි. එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ ක්ෂේත්‍රයේ වඩා ක්‍රියාකරී භූමිකාවක් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. එසේම මේ වන විට අප බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ අප සියලුදෙනා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් අප වර්ධන න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යා යුතුයි. රටේ ආර්ථිකය පුළුල් කරන විට සාධාරණත්වය ද තිබිය යුතුයි. කිහිප දෙනෙකුට ධනවත් වීමට නොහැකි අතර අනෙක් අයට අඩු ආදායම්ලාභී හෝ මධ්‍ය අදායාම්ලාභීන් ලෙස සිටිය නොහැකියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ පසු, අපගේ සමාජ වගකීම කුමක්ද කියා සාකච්ඡා කරන ලෙස මම වාණිජ මණ්ඩල, වෘත්තිකයින්, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලුදෙනා මෙයට දායකකරගත යුතුයි. සියලුදෙනාට මෙහි ප්‍රතිලාභ ලැබිය යුතුයි.
ණය ප්‍රශස්තකරණ වැඩසටහන පිළිබඳ ඔබගේ සාමාජිකයන් දැනුවත් කරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් බිය වීමට කිසිදු දෙයක් නැති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කොටසක් බවත් ජනතාවට අවබෝධ කර දිය යුතුයි. රටේ මෙම තීරණාත්මක අවධිය පසුකර අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව, වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා යොමුවීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා.
තවද අග්නිදිග සහ නැගෙනහිර ආසියානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුළත් කරන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය වන RCEP හා සම්බන්ධවීමට ඉදිරි මාසයේ දී අප අයදුම්පතක් යොමු කරනවා. ඒ වගේම නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. පසුව යුරෝපා සංගමය සමඟ අපේ වෙළෙඳ ගිවිසුම් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. අපි තරගකාරි ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මේ එහි ආරම්භය බව කිවයුතුයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජික සාමාජිකාවන් මීට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-01

SendShareShare
Previous Post

ඊයේ බැංකු වහලා කරපු තවත් මහා බැඳුම්කර වංචාවක් දයාසිරි රටට හෙළි කරයි! සත 30ක සත 47ට නැග්ගුවා! පාඩුව ඩොලර් බිලියන 2ක්! රුපියල්වලින් බිලියන 8ක්! මේකට උපදෙස් දුන්නේ සිංගප්පූරුවේ ඉන්න මහමොළකරුද? මේ ‌ඩොලර් බිලියන 2 ගියේ කාගේ සාක්කුවටද? දයාසිරි ‌ඇමැති ෂෙහාන්ගෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටට පොලිස්පතිවරයෙක් නැතිව දැනට දවස් 6යි! තවම ‌කෙනෙක් පත්කරන පාටක් නෑ!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.