ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය.Sri Lanka Latest News
නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව විශ්වාසය පළ කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් පවසයි.










